තාත්තාට මරණීය තර්ජන කර අක්‌කාට පිහියෙන් ඇන මාපියන් ඉදිරිපිට පුතා උස්‌සන් ගිය නරුමයන්.
බබාට වයස
අවුරුදු හතරයි..
ව්‍යාපාරිකයකුගේ නිවසට පෙරේදා (28) රාත්‍රි මුහුණු ආවරණය කර හිස් වැසුම් හා ජැකට් පැළඳ යතුරුපැදි දෙකකින් පැමිණ ඇති නාඳුනන පුද්ගලයන් සිව් දෙනකු විසින් එම ව්‍යාපාරිකයාගේ සිව් හැවිරිදි පුත්‍රයා පැහැරගෙන තිබෙන පුවතක් මීගලෑව, හුණුපොළගම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.
සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පෙරේදා රාත්‍රි 7.45 ට පමණ මෙම පැහැර ගැනීම සිදුකොට ඇති අතර මෙලෙස පැහැර ගෙන ගොස් ඇත්තේ කවිඳු සේනානායක නමැති දරුවා බවයි.
දරුවා පැහැර ගැනීමට පැමිණි පුද්ගලයන් ව්‍යාපාරිකයාගේ නම කියා ඔහු හමුවීමට අවශ්‍ය බව පවසා තිබෙනවා. ව්‍යාපාරිකයා ඔවුන් හමුවීමට
නිවසින් එළියට පැමිණීමත් සමගම ඔහුගේ බිරිඳ විසින් බත් කවමින් සිටි දරුවාද පියා පසුපස පැමිණ තිබෙනවා.
එම අවස්‌ථාවේ එක් අයකු වහා ඉදිරියට පැන සිව් හැවිරිදි දරුවා රැගෙන යතුරුපැදිය දෙසට පලා යැමට උත්සාහ කරන විට කලබල වූ ව්‍යාපාරිකයා ඔහුගෙන් දරුවා උදුරා ගැනීමට උත්සාහ කර තිබෙනවා.
එහිදී මේ සිව්දෙනා අතර සිටි පුද්ගලයකු ව්‍යාපාරිකයාගේ ගෙලට තියුණු ආයුධයක් තබා සුළු තුවාල සිදුකොට මරණ බවට තර්ජනය කරමින් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ කොට තිබෙනවා.
එම අවස්‌ථාවේදී පැහැරගෙන ගිය දරුවාගේ සය හැවිරිදි වැඩිමල් සහෝදරියද තම මල්ලී රැගෙන නොයන ලෙස ඉල්ලා හඬා වැළපෙමින් දරුවා පැහැරගෙන යැමට පැමිණි පුද්ගලයන්ගේ ඇඟේ එල්ලී තිබෙනවා.
තියුණු ආයුධයක් අතැතිව සිටි එම පුද්ගලයා දැරියගේද උදරය ප්‍රදේශය කපා තුවාල සිදුකොට පැත්තකට තල්ලුකර දමා තිබෙනවා. අනතුරුව එම පුද්ලයන් සිව් දෙනා සිව් හැවිරිදි දරුවා රැගෙන යතුරුපැදි වලින් පලාගොස් ඇතැයි පොලිසිය පවසනවා.
එම දරුවා කප්පම් ලබා ගැනීමට පැහැරගෙන ගිය බවට කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බව මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන මීගලෑව පොලිසිය පවසනවා.
පැහැරගෙන යන ලද එම දරුවා හෝ ඊට සම්බන්ධ පුද්ගලයන් ගැන යම් තොරතුරක් දන්නා අයෙක් වේ නම් ළඟම පිහිටි පොලිස් ස්‌ථානයට හෝ තම පොලිස් ස්‌ථානයට දැනුම් දෙන්නැයි මීගලෑව පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
තාත්තාට මරණීය තර්ජන කර අක්‌කාට පිහියෙන් ඇන මාපියන් ඉදිරිපිට පුතා උස්‌සන් ගිය නරුමයන්.
2014-07-30T07:53:00+05:30
Hot And Fast News
පුවත්|