කාන්තාවන්ගේ පෑඩ් අඳින ලොව එකම මිනිසා (වීඩියෝ)


බිරිඳත් ඔහුව 
හැර ගිහින්..

සනීපාරක්ෂක තුවා මගින් ඉන්දියාවම වෙනස් කල අපූරු මිනිසෙක් පිලිබඳ පුවතක් විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබෙනවා. ඉන්දීය පුරවැසියෙකු වන මුරුගනාදම් වෘතියෙන් කාර්මික ශිල්පියෙකි. 

ඔහුගේ බිරිඳ සනීපාරක්ෂක තුවා සඳහා මුදල් වියදම් නොකොට එම අවශ්‍යතාවය සපුරා ගැනීමට පාන්කඩ යොදා ගන්නා දුටු මුරුගනාදම් අඩු වියදමකින් සිය බිරිඳට සනීපාරක්ෂක තුවායක් සාදා දිය හැකි ක්‍රමයක් පිළිබඳව සොයා බලා තිබෙනවා.

මෙසේ සොයා බැලීමද ඔහුට දැනගැනීමට ලැබී ඇත්තේ ඉන්දියාවේ වෙසෙන බොහෝ කාන්තාවන් තම ඔසප් කාලය තුල සනීපාරක්ෂක තුවා පැළඳීම වෙනුවට
පාන්කඩ, පැරණි පුවත්පත්, අළු පවා යොදාගෙන ඇති බවයි.

ඔවුන් එසේ සනීපාරක්ෂක තුවා භාවිතා කිරීමට තරම් වත්කමක් නොමැති හෙයින් ඔවුන් එවන් සෞඛ්‍යාරක්ෂික නොවන උපක්‍රම භාවිතාකොට තිබුණි.

ඉන්දියාවේ මෑතකාලීනව සිදුකල සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ ඉන්දියාවේ වෙසෙන කාන්තාවන්ගෙන් 81% වැඩි ප්‍රමාණයක් සනීපාරක්ෂක තුවා වෙනුවට සෞඛ්‍යාරක්ෂිත නොවන විවධ ක්‍රම භාවිතා කරන බවයි. එමෙන්ම ඒවා භාවිතා කිරීම තුලින් විවිධ ලෙඩ රෝග, පිළීකා මෙන්ම මරණය පවා සිදුවිය හැකි බව සොයාගෙන තිබේ.

කාන්තාවන් සඳහා අඩු වියදමකින් සනීපාරක්ෂක තුවා ලබාදීම සඳහා මුරුගනාදම් අවරුදු පහක් පරීක්ෂණ පවත්වා තිබේ. මේ කාලයතුල සමාජය තුල ඔහු මානසික රෝගියෙකු ලෙස හංවඩු ගැසී ඇති අතර ඔහුගේ බිරිඳද ඔහුව හැරගොස් තිබේ. කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා කාමරය පුරා තිබෙන දුටු ඔහුගේ මවද ඔහුට නොසෑහෙන ලෙස බැන වැදී තිබුණි.

මුරුගනාදම් ගේ කතාව බලන්න පහතින්