Ads 468x60px

.

දුම්මලදෙණියේ බස්‌ - වෑන් ගැටුම මරණ 6 යිථ 23 ක්‌ රෝහලේ.


වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේදී ඊයේ (30 වැනිදා) අලුයම 4.55 ට සිදුවූ මාරක රිය අනතුරකින් දෙහැවිරිදි දැරියක ඇතුළු පුද්ගලයන් සය දෙනකු මියගොස්‌ 23 දෙනෙක්‌ තුවාල ලබා රෝහල් ගතකර සිටිති.

සමන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ රැගත් වෑන් රථයක්‌ සහ පොල්ගස්‌ඕවිට සිට සෝමාවතී පුදබිමේ

වන්දනාවේ යමින් සිටි වන්දනාකරුවන් රැගත් බස්‌ රථයක්‌ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.

මෙහිදී මරුමුවට පත්ව ඇත්තේ මක්‌කම වන්දනාවේ යැම සඳහා ගුවන් බලපත් ලබා ගැනීමට කොළඹ පැමිණෙමින් සිටි මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ බව පොලිසිය පවසයි.

සමන්තුරේ සිට කොළඹ බලා අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථය වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලොරියකට ඉස්‌සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි බස්‌ රථයේ මුහුණට මුහුණ ගැටී ඇත.

වෑන් රථය අධික වේගයෙන් ඉදිරියට ධාවනය වෙද්දී වන්දනාකරුවන් රැගත් බස්‌ රථය නතර කර වෑන් රථයට ඉස්‌සර කිරීමට ඉඩ ලබාදී තිබේ.

එහෙත් වෑන් රථය බස්‌ රථයේ ගැටී ඇත. අනතුරින් කුඩා දැරිය ඇතුළු පස්‌ දෙනකු එම ස්‌ථානයේදීම මියගොස්‌ තිබේ. සෙසු පුද්ගලයා මියගියේ රෝහලේදීය.

අනතුර සැලවූ වාහම ක්‍රියාත්මක වූ වරකාපොළ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එම්.එච්. ජනකාන්ත මහතා ඇතුළු නිලධාරීන් සිද්ධිය වූ ස්‌ථානය වෙත ගොස්‌ තුවාලකරුවන් රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත.

තුවාලකරුවන්ගෙන් 6 දෙනෙකු කෑගල්ල රෝහලටත් තිදෙනෙක්‌ වතුපිටිවල රෝහලටත් දෙදෙනකු කොළඹ ජාතික රෝහලටත් තවත් 12 දෙනකු වරකාපොළ රෝහලටත් ඇතුළත් කර තිබේ.

මෙම මාරක රිය අනතුරින් මියගොස්‌ ඇත්තේ සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 2 ක්‌ වයසැති පාතිමා සාරා, 26 සින්නතම්බි පාතිමා පරුෂා, 37 හැවිරිදි උදුවා ලෙබ්බේ නුෂ්රික්‌ ජහාන්, 69 හැරවිරිදි මොහොමඩ් ඊබ්‍රාහිම් හමීබු ඉන්නිසා වෑන් රථයේ රියදුරු වූ 29 හැවිරිදි මොහොමඩ් ඉෂාඩ් අහමඩ් යන අය බව පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්‌ථාවේ වෑන් රථයේ පුද්ගලයන් 19 දෙනෙක්‌ ගමන් කරමින් සිට ඇත. අනතුරට ලක්‌වූ වන්දනා බස්‌ රථයේ ගමන් ගත් වන්දනා කරුවන් 12 දෙනෙක්‌ද මෙහිදී තුවාල ලැබූහ.

වන්දනා බස්‌ රථයේ රියදුරු පොලිස්‌ භාරයට ගෙන තිබේ. පොලිසිය පවසන්නේ වෑන් රථයේ රියදුරුගේ වරදින් මෙම මාරක රියඅනතුර සිදුවී ඇති බවයි.

මක්‌කම වන්දනාවේ යැම සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සමන්තුරේ පදිංචිකරුවන් පිරිසක්‌ වෑන් රථ තුනකින් කොළඹ බලා යමින් සිටියදී ඉන් එක්‌ වෑන් රථයක්‌ මෙසේ අනතුරට ලක්‌ව තිබේ.

අනතුරින් වෑන් රථය සුන්බුන්ගොඩක්‌ බවට පත්වී තිබුණි. එහිගමන් කළ තවත් පස්‌දෙනකු බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.


 
Related Posts with Thumbnails