Ads 468x60px

.

ජූලියා’ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා චරිත් ලන්ඩන් හිරේ

‘ජූලියා’ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ ලන්ඩනයේ හිරගෙදර සිටින බව වාර්තා වේ.ඔහු මෙලෙස සිරගතව ඇත්තේ හෙරොයින් ජාවරමක් සම්බන්ධයෙන් චෝදනා ලබා බවපැවසේ.


වරිත් පසුගිය කාලයේ බෝහොදෙනෙකු හඳුන්වනු ලැබුවේ ‘ජූලියා ලෙසය.

ඔහු සිංහල සිනමාවේ ලාබාලම නිෂ්පාදකවරයා ලෙස ද එකල විරුදාවලියක් ලබා තිබිණි.

ජූලියා චිත‍්‍රපටය සඳහා දැවැන්ත මුදලක් වැය කළ ඔහු එම චිත‍්‍රපටය මුල් රූගත කිරීම් සිදු කරනු ලැබුවේඑංගලන්තයේය.

සම්පත් ශී‍්‍ර රෝෂාන් අධ්‍යක්ෂණය කළ ජූලියා හි මංගල දර්ශනය පවත්වනු ලැබුවේඑංගලන්තයේදීය.

අදාළ මංගල දර්ශනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේදී ප‍්‍රවෘත්ති සාකච්ඡාවක්පැවැත් විණි.

ජූලියා චිත‍්‍රපටය සඳහා හයි ඩෙෆිනිෂන්  (High Defiution Cinema) තාක්ෂණය යොදාගෙන තිබීමවිශේෂ සිද්ධියකි.

චරිත් අබේසිංහ, සම්පත් ශී‍්‍ර රෝෂන්, රවීන්ද්‍ර රන්දෙනිය, රොබින් ප‍්‍රනාන්දු, වීණා ජයකොඩි, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, රෙක්ස් කොඩිප්පිලි, සඳුන් විජේසිරි, සැනට් දික්කුඹුර, බන්දුල සූරියබණ්ඩාර, ටෙඞී විද්‍යාලංකාර, සසන්ති ජයසේකර, නදීෂා හේමමාලි, හර්ෂ බුලත්සිංහල ආදීන් රඟපෑමෙන් මෙම චිත‍්‍රපටයට දායක වූහ.

ජූලියා චිත‍්‍රපටයේ ලංකාවේ දර්ශන කැමරාකරණයෙන් ඩොනල්ඞ් කරුණාරත්න ද වේෂ නිරූපණයෙන් රන්ජිත් මතඟවීරසටන් අධ්‍යක්ෂණයෙන් ටෙඞී විද්‍යාලංකාර ද කලා අධ්‍යක්ෂණයෙන් සුජීව ගුණරත්නසහාය අධ්‍යක්ෂණයෙන් රංජන් ප‍්‍රසන්නනිෂ්පාදන කළමනාකරණයෙන් ජගත් නිශ්ශංකද, රේඛීය නිෂ්පාදනයෙන් නාමල් ආටිගලසංගීත අධ්‍යක්ෂණයෙන් රංග දසනායක ද එක් වූහ.

”ජූලියා” හි සංස්කරණය ලෝ සුපතළ බයින් වුඩ් (Pine wood)  චිත‍්‍රාගාරයේදී සිදු කෙරුණු බව පැවසේ.

ජූලියා හි අධ්‍යක්‍ෂවරයා වරක් ලංකාවට පැමිණි අතර ඒ අවස්ථාවේදී ඔහුගේ ආරක්‍ෂාව තරුණ අමාත්‍යවරයෙක් ඩිෆෙන්ඩර් රථ දෙකක්සැපයූ බව මේ වන විට ප‍්‍රසිද්ධ රහසකි.
 
Related Posts with Thumbnails