අලුත් අවුරුද්දෙන් පසුව ප‍්‍රශානි නැවත රගපෑමට

ඇයට වාසනා ෆැෂන් නමින් ඇඳුම් සාප්පුවක්...
හිරුක හෙමාල්ජිත් ප‍්‍රශානිගේ පුතුගේ නමයි...

විවාහයෙන් පසුව ප‍්‍රශානි වසර කිහිපයක් ක්ෂේත‍්‍රයෙන් ඉවත්ව සිටි ඇයට දැන් වසර  දෙකහමාරක පුතෙකුද සිටී.  

චාතුර්යා සහ වසූදා ටෙලි නට්‍යවල චරිත මවමින් පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත් ප‍්‍රශානි අලුත් අවුරුද්දෙන් පසුව නැවත රගපෑමට එක්වන බව පවසන්නීය. 


දැනට කොලොන්නාවේ පදිංචිව සිටින ප‍්‍රශානි සිය සැමියා වන අජිත් සමග එක්ව ‘වාසනා ෆැෂන්’ නමින් ඇඳුම් සාප්පුවක් පවත්වාගෙන යනු ලබන බවද පැවසේ.

ප‍්‍රශානි වඩාත් ජනප‍්‍රිය වුයේ සිරස නාලිකාවෙන් විකාශනය වු ‘වසූදා’ ටෙලි නට්‍යයේ වාසනා ගේ චරිතයෙනි.