Ads 468x60px

.

ඔප්පුකරන්න අමතකවූ ජනපතිගේ 2005 බාරය

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන් ජනාධිපති කරවා දෙන ලෙසට 2005 වසරේදී අළුත්නුවර දේවාලයට බාරයක්වී ඇත. එහිදී මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දුවී ඇත්තේ එම දේවාලයේ වලාකළු බැම්ම නිමවා දේවාලයේ වෙනත් අවශ්‍ය අඩුපාඩු පිළිසකර කර දෙන බවයි. 2005 ජනාධිපතිවරණයේදී ඔහු ජනාධිපති වූ නමුත් අළුත්නුවර දේවාලයේදී සිදුකල බාරය අමතක වී ‍තිබී ඇත.


මේවන විට මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධූරයේ දෙවෙනි පරිච්ඡේදයෙද් වසර දෙකකට ආසන්න වී ඇත. මීට වසර 7කට පෙර ඔහු විසින් සිදුකළ මෙම බාරය ඔහුට හදිසියේ මතක්වී ඇත්තේ, රටේ පවතින ආර්ථික අර්බුද සියල්ල සිදුවන්නේත් උද්ඝෝෂන සහ වැඩවර්ජන සිදුවන්නේත් තම අපලයක් නිසාදැයි විමසීමට ඉන්දියානු දෛවඥයෙකු හමුවූ අවස්ථාවේ ඔහුවිසින් මෙවැනි භාරයක් සිදුවී එය ඔප්පුකර නැද්දැයි ඇසූ අවස්ථාවේදීය.

ඒ අවස්ථාවේදීම තම ලේකම්වරයාට දුරකථනයෙන් පවසා ඇත්තේ මෙම බාරය ඔප්පුකිරීමට අදාල වැඩකටයුතු සූධානම් කරන ලෙසයි. ඒ අවස්ථාවේ අළුත්නුවර දේවාලයට ගොස් ඇති ජනාධිපති සම්බන්ධීකරන ලේකම්වරයෙකු විසින් මෙම දේවාලයේ කපු මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාකර ඇත. 

ඒ අනුව මෙම බාරය ඔප්පුකරන තුරු ඉක්මනින් කළහැකි වෙනත් බාරයක් ජනාධිපතිතුමා වෙනුවෙන් අදාල ලේකම්වරයාට භාරවීමට අවශය කටයුතු එම දේවාලයේ කපු මහතා විසින් සකසා දී ඇත. භාරය අළුත්කර දී ඇත. ඒ අනුව එම දේවාලයට පිවිසෙන මාර්ගය කාපට් කිරීමට භාරවී ඇත.

පරණ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය මේ අනුව කාපට් අතුරා පිරිසකර කර දී ඇත. මෙම දේවාලයේ අදාල ප්‍රධාන භාරය ඔප්පු කිරීමේ උත්සවය පසුගියදා එම දේවාල භූමියේදී පවත්වා ඇති අතර එයට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරධිත අමුත්තන් පැමිණෙන මාරගයේ පාලම් බෝක්කු සියල්ලම අළුතින් පිරිසකර කළ ආකාරයට තීන්ත ආලේප කර ඇත. 

 මෙම මාර්ගයේ පිහිටා ඇති මයුරපාදපාලමේ තීන්ත ආලේප කිරීම අවසන්කර ඇත්තේ උත්සවය ආරම්භකිරීමට පැයකට ආසන්න කාළයකට කලිනි.එහිදී අතාවුද සෙනෙවි රත්න අමාතයවරයා පමණක් කථාවක් කර ඇති අතර ජනාධිපතිවරයා කිසිදු කතාබහකින් තොරවම උත්සවය අවසන්වී ඉන් ඉවත්ව ගොස් ඇත.

ප්‍රදේශවාසීන් විමසන්නේ විශාල වලවල් සහ කඩතොලු ගහනව පැවති මෙම ප්‍රධාන මාර්ගය පිළිසකර කර දෙන ලෙස ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයින්ගෙන් ලිඛිතව සහ වාචිකව අවස්ථා ගණනාවකදීම ඉල්ලා සිටියත් ප්‍රතිපාදන වෙන්කර ගැනීමට මහත් අපහසුතාවයක් ඇතැයි එම දේශපාලඥයින් තමන්ට පැවසූ නමුත් හදිස්සියේම බාරයක් ඔප්පු කිරීම සදහා ප්‍රතිපාදන ලැබුනේ කෙ‍්සේද යන්නයි.
 
Related Posts with Thumbnails