Ads 468x60px

.

දෛවයේ සරදමකට මෙන් සත්‍යයක් වු කහවත්තේ ද්විත්ව ඝාතනය

රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි කාවින්දි චතුරංගනී මිට මාස කිහිපයකට උඩදී සිය යෙහෙළියකට පැවසු වදන් දෛවයේ සරදමකට මෙන් සත්‍යයක් වුයේය.


"බලනවා හලෝ..අපේ ගමේ ගෑනු මරනවා..සාස්තරෙක්ට කිව්වලු ඒ මරණ ඉවර වෙන්නේ අම්මෙකුයි දුවෙකුයි මැරුවට පස්සෙයි කියල..අපේ ගෙදරත් අම්මයි මමයි ඉන්නේ තනියම හලෝ...ඔය කියන අම්මයි දුවයි මමයි අම්මයිද දන්නේ නෑ.."

ඒ හදුනා නොගත් මිනිමරුවකු විසින් පී.ජී. නයනා නිල්මිණි (52) සහ එස්.එම්. කාවින්දි චතුරංගනි (18) යන දෙදෙනාපසුගිය ජනවාරි මාසයේ 31 වනදා සාහසික ලෙස කපා කොටා ඝාතනය කිරීමත් සමගයි.

මව සහ දියණිය දෙදෙනාම මරා දමා දුෂණය කර තිබුණි.මෙයත් සමගම කහවත්ත ප්‍රදේශය යලිත් බියෙන් ඇලලී ගියේය.පුද්ගලයන් 100 දෙනෙකුට අධික ප්‍රමාණයක්ගෙන් කට උත්තර ගත අතර මේ සඳහා සමාජ විද්‍යා වාර්තාවක් සකස් කරන ලෙසටද උපදෙස් ලැබුණි.එහෙත් කුරිරු ඝාතකයා පොලිසියට හසුකර ගැනීමට නොහැකි වුනි.ඔහු අපරාධය වූ ස්ථානයේ කිසිදු සලකුණක් ඉතිරිකොට තිබුනේද නැත.


නමුත් ඊයේ දිනයේදී ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.එහිදී ප්‍රධාන සැකකරුවන් වුයේ ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම් එල්. එම්. ධර්මසිරි මහතාගේ සොහොයුරෙකුය.


එම පුද්ගලයා මිට පෙර අවස්ථා වලදී ප්‍රශ්නකිරීම් වලට ගෙන ආවත් වැදගත් තොරතුරක් හෙලිකරගැනීමට නොහැකිව තිබුණි.නමුත් ඊයේ දිනයේදී පොලිසියට කොටුවීමත් සමග කහවත්ත ඝාතනය සිදුවූ අයුරු ඔහු පාපොච්චාරණය කොට ඇත.


ඒ අනුව එම ඝාතනය සිදුකොට ඇත්තේ ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම් එල්. එම්. ධර්මසිරි මහතාගේ වුවමානාව මතය.


ඔහු මිය ගිය අයගේ පවුලේ ඥාතියෙකුද වේ.ජනවාරි 31 වනදා රාත්‍රියේ ඔවුන් දෙදෙනා එම නිවසට ගිය බවත් නිවස තුලදී මවත් දියණියත් ඝාතනය කල බවත් පසුව දියණිය අසල කැලෑවට ගෙනවිත් ඔවුන් විසින් දුෂණය කල බවට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. එම්. ධර්මසිරි මහතාගේ සොහොයුරා හෙළිකොට ඇත.


මේ වනවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හා ඔහුගේ ඥාතීන් ගමෙන් පලා ගොසිනි.ඔහුට දේශපාලන බලවතෙකුගේ සහය ලැබෙන බවට ප්‍රදේශවාසින් විශ්වාස කරයි.සැකකරු අත් අඩංගුවට ගැනීමට ප්‍රමාද වුයේද එම දේශපාලන මැදිහත්වීම නිසා බවද ප්‍රදේශ වාසින් පෙන්වා දුන් අතර ඊයේ දිනයේ ඔවුන් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන් ප්‍රීතියට පත්වූ අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස ඇතුළු නිවාස හතරකට ගිනි තැබිය.

 
Related Posts with Thumbnails