Ads 468x60px

.

තුන්වැනි වතාවට වසරේ ධනවත්ම පුද්ගලයා වූ කාලෝස් ස්ලිම්


ෆෝබ්ස් සඟරාව විසින් වසරේ ධනවත්ම පුද්ගලයා ලෙස මෙක්සිකෝවේ ව්‍යාපාරිකයකු වන කාලෝස් ස්ලිම් නම් කර තිබේ.එම සඟරාවට අනුව ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 69කි.ලොව ප්‍රකෝටිපතියන් අතර දෙවැනි ස්ථානය බිල් ගේට්ස්ට හිමිව ඇති අතර වොරන් බෆට්ය තෙවැනි ස්ථානයට පත්ව සිටිති.


පිළිවෙළින් ඔවුන්ගේ වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 61 සහ 44 ලෙස ඇස්තමේන්තු කර තිබේ.

විදුල සංදේශ ව්‍යාපාරිකයකු වන 72 හැවිරිදි කාලෝස් ස්ලිම් ලොව ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත් වුයේ තුන්වැනි වතාවටයි.
 
Related Posts with Thumbnails