Ads 468x60px

.

බඩගින්නට සබන් හා ස්පොන්ජ් ආහාරයට ගන්නා අමුතු තරුණියක්

පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදාගන්නා ස්පොන්ජ් කැබලි හා සබන් ආහාරයට ගැනීමේ තදබල කැමැත්තක් ඇති කැන්ඩියානු ජාතික තරුණියක පිළිබඳව මෙම පුවත වාර්තා වේ. කෝන්වොල්හි වෙසෙන 21 හැවිරිදි කෙරී ට්‍රෙබිල්කෝන් නැමැති මෙම තරුණිය පෙළෙන ඉතා දුර්ලභ රෝගී තත්ත්වයක් නිසා මෙසේ සබන් හා ස්පොන්ජ් කැබලි කෑමට පුරුදුව ඇති බව සඳහන්ය. 


කෙරී මේ වනවිට පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදාගන්නා ස්පොන්ජ් කැබලි 4000 ට වැඩි ප්‍රමාණයක් සහ සබන් බාර් 100 ට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විකා ආහාරයට ගෙන ඇති බව ද වාර්තා වේ. සැර සෝස් වර්ගයක් හෝ අබ සමග මේ අපූරු කෙටි ආහාර වේල් රසවිඳීමට තමන් මහත් කැමැත්තක් දක්වන බව ද කෙරී පවසයි. 

ඇතැම් අවස්ථාවලදී ‍බිස්කට් මෙන් තේ හෝ උණුසුම් චොකලට් ‍පානයක පොඟවමින් ස්පොන්ජ් ආහාරයට ගැනීමට ද කැමති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. සබන් ආහාරයට ගැනීමේ දී පළතුරු රසයෙන් යුත් සබන්වලට පමණක් තමන් ප්‍රියකරන බවත්, ඒ අතරින් ලෙමන් හා දෙහි රසයට වැඩි ප්‍රියතාවයක් දක්වන බවත් කැරී ට්‍රෙබිල්කෝන් සඳහන් කරයි. 

 
Related Posts with Thumbnails