Ads 468x60px

.

උලක් ඇනුනු සිසුවාගේ දිවි බෙරා ගනී

මාතර යටියන කෝට්ටවත්තේ 14 හැවිරිදි පාසල් සිසුවකුගේ කිහිල්ල අසලින් අඟල් අටක් සිරුර ඇතුළට ගොස් තුබූ උලක් සැත්කමකින් ඉවත්කර ඇත.



වහලයකින් බිමට වැටී ඇති මෙම සිසුවාගේ ශරීරයේ "ඇල්පීසියා" වර්ගයේ උලක් ඇනීම නිසා මෙම අනතුර සිදුවී ඇත.මෙම උල ඉවත් කිරීමට මිනිත්තු 45ක පමණ කාළයක්, මාතර රෝහලේ ශල්‍ය වෛද්‍ය රංජිත් පෙරේරා ඇතුළු වෛද්‍ය කණ්ඩායමට ගතවූ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

වහලේ සිට බිමට වැටුණු පසිඳු මධුෂාන් සිසුවා කෝටුව ද සමග මාතර රෝහලට ගෙනආ නිසා ඔහුගේ ජීවිත අවදානම පහවී ගොස් තිබූ බව රෝහල් අධ්‍යක්‍ෂිකා දොස්තර සමින්දි සමරකෝන් මහත්මිය පවසයි.

 
Related Posts with Thumbnails