Ads 468x60px

.

ජානකී නොදන්නා ජනනාත්ගේ වැඩ

චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්‍ෂවරයෙකු වන ජනනාත් වරකාගොඩගේ කෙරුවාවන් සම්බන්ධයෙන් ඔහුගේ බිරියවන ජනකී වරකාගොඩ නොඑසේනම් ‘චුක්කි’ පසුගිය දා මාධ්‍යට හෙළිකර තිබිණි.මේ අතර, ජනනාත් මේ දිනවල සිය තරබාරුකම අඩුකර ගැනීමට උදේට තේ නොබී වතුර බොන බවත් ඇය පවසා තිබිණි.
කෙසේ වුවද මෙම උපදේශය දුන් අයෙක් පිළිබඳව ඇය නොදන්නා බවද ජානකී පවසා තිබේ.


විලාසිතා ගැන එතරම් උනන්දුවක් නැතත් ජනනාත් ෂොපිං යන්න රුසියෙක් බවත් පැවසේ.කෙසේවුවද ජානකීට වඩා ඇදුම් ජනනාත් ළග ඇතැයි ද චුක්කී පවසන්නීය.කෙසේවුවත් ජනනාත්ට රසික රසිකාවියන් ගෙන් එන දුරකතන ඇමතුම් ගැන නම් තමා නොසන්සුන් බවත් ජානකී හෙළිකර තිබේ.ජානකී හා ජනනාත් මුලින්ම හමුවී ඇත්තේ 2007 වසරේදී අනුර බණ්ඩාරණායකගේ උපන්දින සාදයකදීය.

සහෝදරයන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූ ජානකී, ජනනාත් හා විවාහවී ඇත්තේ 2009 වසරේදීය.මොවුන්ට ජයලී නම් දුවෙක් හා ජනුත් නම් පුතෙකු ද වෙති.ජයලීගේ වයස අවුරුදු දෙකක් වන අතර ජනුත්ගේ වයස මාස තුනකි.ජනුත් ඉපදී ඇත්තේ ඔහුගේ පියා වන ජනනාත් උපන් දිනයයෙදී තිබූ දිනයේදීම වීම විශේෂිතය.

 
Related Posts with Thumbnails