නේපාලයේ විශාල භූමිකම්පාවන් සිදුවන බව සතියකට පෙර කත්මන්දු නුවර විමර්ශනයක් සිදු කළ භූවිද්‍යාඥයන් පනස් දෙනකු විසින් හෙළිකර තිබෙනවා.
"භූ චලනය සිදුවූ ප්‍රදේශයේ මා සතියකට පෙර සැරිසැරුවා. එකී ප්‍රදේශය විපතට පත්වන බව මට අවබෝධ වුණා" යෑයි බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිඡ් විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ප්‍රධානි ඡේම්ස් ජාන්සන් ප්‍රකාශ කළ බව හින්දු පුවත්පත කියා සිටී.
නේපාලයේ භූ චලනයක් සිදුවන බව දැන සිටියේ යෑයි ඇමරිකානු භූ විද්‍යා විමර්ශන අංශයේ ඩේවිඩ් වෝල්ට් ද ප්‍රකාශ කර ඇත. 1934
වසරෙන් පසු නේපාලය තුළ සිදුවූ විශාලතම භූ චලනය මෙයයි.
නේපාලය තුළ විශාල භූ චලනයක් සිදුවීමට ඉඩ ඇති බවට 2013 මැයි මස ඉන්දීය භූ විද්‍යාඥ විනෝද් හවුර්ද අනතුරු අඟවා තිබිණි. මේ සියවස තුළ එය සිදුවේවි යෑයි හවුර් තවදුරටත් පවසා ඇත.
නේපාලයේ මියගිය ගණන 4000 ට නගී
නේපාල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව ඊයේ 27 දා සවස වනවිට 4000 දක්‌වා වැඩිවී ඇත. එහෙත් නේපාල නිලධාරීන් පවසන්නේ මියගිය සංඛ්‍යාව 10,000 ක් දක්‌වා වැඩිවිය හැකි බවයි. නේපාලයේ ගුර්කා ප්‍රාන්තයද මුළුමනින්ම සමතලා වී ඇත.