Ads 468x60px

.

සේයාගේ ඝාතන සැකකරු බදුවතුගොඩ කැලෑවේදී අත්අඩංගුවට...


සේයා සදෙව්මිගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට හදුනාගෙන සිටින ප‍්‍රධාන සැකකරු වන ගම්පහ පදිංචිකරු පලායමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිසිය විසින් ගම්පහ බදුවතුගොඩ කැලෑවේදී කළ මෙහෙයුමකින් පසුව මොහු

අත්අඩංගුවට ගෙන ඇත. මීට පෙර ද සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගැනුණද ඔවුන් ඝාතනය ස`දහා සම්බන්ධ නොමැති බවට පසුව හදුනාගැනිණ.

සේයා ඝාතකයා හඳුනාගනී මේ වන විට පලා ගිහින්

කොටදෙණියාවේ සේයා සදෙව්මි ඝාතන සිද්ධියට සම්බන්ධව දැනට පරීක්ෂණ කණ්ඩායම් එක්ව සොයනු ලබන ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයා මේ වන විට එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට ‍පොලිසිය සැක කරයි.

ඔහු නිවසින් බැහැරව ගොස් ඇත්තේ මීට දින දෙකකට පෙර බවත් ඉන් පසුව නිවසට පැමිණ නැති බවත් ‍පොලිසිය සඳහන් කරයි. කෙසේ වෙතත් සැකකරු සැඟවී සිටින බවට සැක කෙරෙන ළඳු කැලෑ සහ කුඹුරු කිහිපයක් මෙම කණ්ඩායම් එක්ව පරීක්ෂා කර ඇති අතර ඔහු එම ප්‍රදේශවල සිට නැත.

දැනට හෙළිවන තොරතුරු අනුව මෙම පුද්ගලයා සේයා ඝාතනය වන දිනවල පදිංචිව සිට ඇත්තේ ඔහුගේ වැඩිමහල් සොයුරිය පදිංචි නිවසේය. එම නිවස පිහිටියේ සේයාගේ නිවස ආසන්නයේය. ඝාතනයෙන් අනතුරුව මොහු නැවත ගම්පහට පැමිණ ඇති අතර ඊට පසු එක් දිනක් පමණක් කොටදෙණියාවට පැමිණ ඇත.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා පදිංචි ගම්පහ ප්‍රදේශය පුරාම ළමා අපචාරවලට සම්බන්ධ අයකු බවට ප්‍රසිද්ධ බව පැවසේ. මොහු කිහිප විටක් කුඩා දැරියන් පැහැරගෙන ගොස් අතවර කිරීමට උත්සාහ දරා ඇති අතර ඇතැම් ළමයින් අතවරයට ලක්වද ඇත. 


පසුව එක් සිද්ධියක් හේතුවෙන් බන්ධනාගාරගතවද සිට තිබේ. දැනට මොහු සෙවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් තුනක් යොදවා ඇත.
 
Related Posts with Thumbnails