‘නවලෝක මුදලාලි’ මියයයි

නවලෝක සමූහ ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය එච්.කේ ධර්මදාස මහතා අද (10) පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වූ බව වාර්තා වේ.

ඒ මහතා මියයන විට 92 වැනි වියේ පසු විය.


බොහෝ දෙනෙකු ‘නවලෝක මුදලාලි’ යන නාමයෙන් හැදින් වූ ඒ මහතා, කොළඹ නවලෝක රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

දේහය පිළිබඳ අවසාන් කටයුතු ලබන 13 වැනි සෙනසුරාදා බොරුල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.