දකුණෙන් පහල වූ මෛත්‍රි බුදුන්ගේ මැණික් පුටුවේ වටිනාකම ලක්ෂ 400 යි

පය තබන කොටසේ නෙලුම් මල් 16 ක්...
වටිනා නිල් රතු පසිංගල් මැණික් කැට යොදා හිස කොටස වටේ සරසලා...

දකුණෙන් පහල වූ මෛත්‍රි බුදුන් යයි හදුන්වා ගත් සිරිවර්ධනගේ ආශ්‍රමයේ තිබී වටිනා මැණික් පුටුවක් හමුවී ඇත.මේ පුටුව තට්ටු තුනකින් සමන්විත අතර පුටුව තබා ඇත්තේ නවීනතම කාමරයකය.

මෙම පුටුවේ
පාදම සඳකඩ පහනක හැඩයකින් යුක්ත වන අතර එය නිමවා ඇත්තේ රන් රිදී තඹ වලිනි.පුටුවේ ඇති විශේෂ ආසනයට ගොඩ වීම සඳහා ඇත්තේ අත් ඇඳි දෙකක් වන අතර එය නිමවා ඇත්තේ සඳුන් බුරුත කොස් ලි වලිනි.

එහි ඇත් දලද සවිකර ඇති අතර පාදමේ විශේෂ මල්කම් ලියවැල් සිදුකොට ඇති අතර එම පුටුවට මැණික් ඔබ්බවා ඇත්තේ එලිය විහිදෙන අයුරිනි.සිරිවර්ධන පය තබන කොටසේ නෙලුම් මල් 16 ඇති අතර විවිධ ප්‍රමාණයේ නෙලුම් මල් 16 තුල දෙපය තබාගෙන සිරිවර්ධන බණ කියූ බව වාර්තා වේ.


වටිනා නිල් රතු පසිංගල් මැණික් කැට යොදා හිස කොටස වටේ සරසා ඇති අතර සිරිවර්ධන බණ කියන විට මෙම මැණික් වල කාන්තියෙන් ඔහුගේ හිස වටා රශ්මියක් විදෙන්නක් මෙන් පෙනී ඇති බවද වාර්තා වෙයි.මෙම පුටුවේ වටිනාකම ලක්ෂ 400 ක් පමණ වෙතයි ගණන් බලා ඇත.