රාජකීය යුවළ රිසි සේ විනෝද වන අන්දම බලන්න හොඳට හැකියාව
තිබුණා...
මහා බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගය පැත්තෙන් මේ දිනවල එක දිගට ඇසෙන්නේ මාලිගයේ ඇත්තන්ගේ නිරුවත් ඡායාරූප පුවත්පත්වල පළවූ ප්‍රවෘත්තිය. බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි පරපුරේ තෙවැනියා වන්නේ හැරී කුමරුයි.
ඇෆ්ගනිස්ථානයේ යුද සේවයේ යෙදී සිට නිවාඩුවකට පැමිණ ඇමෙරිකාවේ ලාස්වේගාස්හි දී තරුණියන් කීපදෙනකු සමඟ හැරී කුමරු නිරුවතින් සිටිමින් විනෝද වෙන අයුරු පසුගියදා ලොව පුරා වෙබ් අඩවි සහ පුවත්පත් සිසාරා යහමින් ප්‍රචාරය වූයේය.
ඒ සියල්ල බකිංහැම් මාලිගය ඉවසා දරාගෙන සිටියදී කුමරු වෙනුවෙන් යම් යම් දෙනා ප්‍රකාශ නිකුත් කළහ. සියල්ල යටපත් කරමින් කුමරු යළිත් ඇෆ්ගනිස්ථානයේ යුද සේවය සඳහා නික්ම ගියේය.
ඉන්පසු යළිත් පුවත්පත්වල කුමරු ගැන සඳහන් වූයේ ඔහු සේවයේ නිරත හමුදා අනුඛණ්ඩය සිටින කඳවුරට තලේබාන් ප්‍රහාරයක් එල්ලවීමත් සමඟයි. තලේබානුන් හැරී කුමරු ඝාතනය කරන බවට දිව්රා පොරොන්දු වී සිටිය දී සිදුවූ මේ ප්‍රහාරයෙන් කුමරු නිරුපද්‍රිතව බේරිණ.
ඉන් ගතවූයේ සතියයි. බකිංහැම් මාලිගයේ ඇත්තියක ගේ නමක් නිරුවත් ඡායාරූප සමඟ ඈඳුණා.