Ads 468x60px

.

මීටර් 5000 ධාවන තරගය පැවැත්වෙමින් තිබියදී සිසුවියක් ධාවන පථය මත ඇද වැටී මියගිහින්...

සිසුවිය ඇද වැටුණේ මීටර් 5000 දෙවැනි වටයේදී... 

අරණායක රිවිසඳ ජාතික පාසලේ අද (26) පෙරවරුවේ පැවැති නිවාසාන්තර ජවන හා පිටිය මළල ක්‍රිඩා මූලික තරග වටයේ මීටර් 5000 ධාවන තරගය පැවැත්වෙමින් තිබිය දී ධාවන පථය මත සිහිසුන්ව ඇද වැටුන සිසුවියක් පසුව මියගොස් තිබෙනවා. 

මීටර් 5000 දෙවන වටයේ දී මෙම සිසුවිය ඇද වැටී තිබෙනවා

මෙසේ මියගියේ අරණායක,රහල නැගෙනහිර පදිංචි වී සිටි ඩබ්.ටී.ඊ. හෂිනි අනූෂා කුමාරි නැමැති 17 හැවිරිදි සිසුවියයි. ඇය රිවිසඳ ජාතික පාසලේ 13 වැනි ශ්‍රෙණියේ වානිජ අංශයේ ඉගෙනුම ලබමින් සිටියා. 

මීට පෙරද මෙම සිසුවිය ක්‍රිඩා තරග ආදියට සහභාගී වී ඇති අතර ත්‍යාග සහ සහතික පත්‍ර ද දිනා තිබෙනවා. ඇයට වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරයෙක් සිටින අතර හෂිනි පවුලේ එකම ගැහැණු දරුවායි.

සිසුවිය ධාවන පථය මත ඇද වැටීමෙන් පසු සෙසු සිසු සිසුවියන් සහ ගුරුවරියන් ඇය නිවාසය වෙත රැගෙන ගොස් ප්‍රථමාධාර ලබා දෙමින් සිහි ගන්වන්නට උත්සහ කර තිබෙනවා

පෙම පිළිනොගත් නිසා කිඹුලාපිටියේ 17 හැවිරිදි සුරූපී සිසුවිය පිහියෙන් ඇන මරා දමලා...

ප්ලෑන් එකට මාස තුනයි...
ඔලුවට කොන්ක්‍රීට්‌ ගලකිනුත් ගහලා...

මීගමුව කිඹුලාපිටිය අස්‌වැද්දුම ළිඳ ප්‍රදේශයේ නිවසක්‌ තුළදී 17 හැවිරිදි සුරූපී යුවතියකට පසුගිය 23 වැනිදා පිහියකින් ඇන සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක්‌ අප වෙත වාර්තා වෙනවා. 

සැකපිට අත්අඩංගුවට ගත් සජිත් මදුශංක (22) නමැති සැකකරු එම ඝාතනය සිදු කිරීමේ සිද්ධියට මාස දෙකකට පමණ පෙර සිට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය උල්පිහිය 2012 දෙසැම්බර් මස මිලදී ගෙන ඇති බවත් මූලික පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

රතිඤ්ඤා කම්හලක සේවකයකු වූ මදුශංක නැමැත්තා එම පිහිය මිලදී ගෙන ඇත්තේ රතිඤ්ඤා වෙළෙඳාම සඳහා මීගමුව නගරයට පැමිණි අවස්‌ථාවකදී මීගමුව පිටිපන ප්‍රධාන මාළු වෙන්දේසි පොළ අසලදී එහි සිටි පදික වෙළෙන්දෙකුගෙන් බව මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. 

මදුශංක නැමැත්තා එම ඝාතනය සිදු කිරීමට පෙර දින රාත්‍රි සිට පිහියද අතැතිව මියගිය තැනැත්තියගේ නිවස අසල පිහිටි වෙල්යායක කුඩා මඩුවක්‌ තුළ සැඟ වී යුවතිය ඝාතනය කිරීම සඳහා නිදි නොලබා

ඇමති පුත්‍රයන් බැඳ දමනු...

ඇමති පුත්‍රයන්ගේ මැර ක්‍රියා නිසා සාමාන්‍ය පොදු ජනතාවට පමණක් නොව පොලිසිය හමුදාවේ සාමාජිකයන්ටද ඔවුන්ගේ පවුල් වල උදවියටද දැන් ජිවත් වීමට සිදුවී ඇත්තේ බයෙන් සහ සැකයෙනි.අලුත්ම මැර ක්‍රියාව සිදු කොට තිබෙන්නේ මහත්මා දේශපාලනය ගැන බයිලා ගසන සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන ගේ නැහැදිච්ච පුතා විසිනි.

මෛත‍්‍රීපාල සිරිසේන ගේ අවජාත පුත්‍රයා වන දහම් සිරිසේන මාළු මාළු හෝටලයේදී බීමත්ව නිරුවතින් පින්තූර ගනිද්දී නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මහතාගේ පුත් අසේල වෛද්‍යලංකාර සහ ඔහුගේ මව පසුබිමේ ඉඳ තිබෙනවා.  

එහෙයින් නිරුවත් පින්තූර වලට තමන් ද දර්ශනය විය හැකි නිසා එසේ පින්තුර, ගැනීම නොකරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේ දී ඇමති පුත් මැරයා - දහම් සිරිසේන විසින් අසේල වෛද්‍යලංකාර ට පහර දී බරපතල තුවාල සිදු කොට තිබේ. ඔහුගේ ජීවිතය අවදානමේ  පවතින බැවින් මඩකළපුව රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර එවා ඇත.

මිට පෙර මර්වින්ගේ මැර පුත්‍රයා වන මාලකද , එස් .බී  දිසානායකගේ පුත්තු ද , මහින්ද විජේසේකරගේ පුතාද , ජයලත් ජයවර්ධනගේ පුතාද මෙසේ පියවරුන්ගේ ඇමති පදවි වල හයිය අරගෙන මිනිසුන්ට පහර දී තිබේ. මේ එක සිද්ධියකදී වත් නිතිය ක්‍රියාත්මක වී, විත්තිකරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වුයේ නැත. 

ලේලියගේ ඡායාරූප ගැනීමට විරුද්ධ වූ නිසා පුතාට පහර දුන්නා - නි:පොලිස්‌පති වෛද්‍යාලංකාර..

"මම ඊළඟ අගමැතිගේ පුතා" කියලා...

ඩී.අයි.ජී. ගේ පුතාට පහර දුන් ඇමැති පුතා ඇප පිට මුදාහරී..

මම ඩීඅයිජීගේ පුතා කියා පහර දුන්නා - ඇමැති පුතාගේ මිතුරෙක්‌.
 
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන ඇතුළු මිතුරන් පිරිසක්‌ විසින් පෙරේදා (24 වැනිදා) සවස පාසිකුඩා වෙරළේදී නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුත්‍රයා වන අසේල වෛද්‍යාලංකාරට පහර දුන් පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

මේ සම්බන්ධයෙන් ඇමැති පුත්‍රයා සහ ඔහුගේ මිතුරන් 13 දෙනකු අත්අඩංගුවට ගෙන වාලච් චේන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබෙනවා.

නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌ පතිවරයාගේ පුත්‍රයා ඇතුළු මිතුරන් පිරිසක්‌ පාසිකුඩා වෙරළ තීරයේ දිය නාමින් සිටියදී වෙනත් පිරිසක තරුණයකු විසින් ඔවුන් සමඟ දිය නෑ තරුණියන්ගේ දර්ශන ඡායාරූපගත කරමින් සිටින අතරේ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ගේ පුත්‍රයා මේ පිළිබඳව එම තරුණයාගෙන් විමසීමේදී "රටේ ඊළඟ අගමැති අපේ තාත්තා" යෑයි පවසමින් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුත්‍රයාට ඔහු පහර දී තිබෙනවා.