Skip to main content

හිතුවක්‌කාර නව සැලැස්‌මෙන් ඊයේ කොළඹ වාහන හිරවුනේ මෙහෙමයි....


පොලිසිය විසින් ඊයේ (12 දා) කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක කළ නව රථවාහන සැලැස්‌ම හේතුවෙන් මුළු කොළඹ නගරයේ පුරා පැය ගණනාවක්‌ දැඩි රථවාහන තදබදයක්‌ ඇතිවී ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්‌ දැඩි අසීරුතාවන්ට මුහුණ දුන්නා. 

මේ නිසා බොහෝ කාර්යාල සේවක සේවිකාවෝ පැයක්‌ පැය එක හමාරක්‌, පැය දෙකක්‌ ආදී වශයෙන් ප්‍රමාදයකට මුහුණ දුන්නා. අධික රථවාහන තදබදය හේතුවෙන් බොරැල්ල, රාජගිරිය, පුංචිබොරැල්ල, පුරහල, නාරාහේන්පිට, තිඹිරිගස්‌යාය, වැලිකඩ ආදී ප්‍රදේශවල විශාල
කාලයක්‌ රථවාහන එකම ස්‌ථානයේ තිබෙනු දක්‌නට හැකි වුණා.

නව රථ වාහන සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කරනවිට එය මුලින් සති අන්තයේ හෝ පාසල් නිවාඩු කාලවල හෝ ක්‍රියාත්මක කර පසුව ක්‍රමයෙන් අනෙකුත් සාමාන්‍ය දිනවල ක්‍රියාත්මක කරනු වෙනුවට එක්‌වරම අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරවන්නට යැම නිසා මේ තදබදය ඇතිවූ බව මහජනතාව පවසනවා.

මේ අතර මහරගම නගරයේ ඊයේ සිට ක්‍රියාත්මක කළ නව රථවාහන සැලැස්‌ම නිසා මහරගම නුගේගොඩ ඇතුළු ප්‍රදේශවලත්, හයිලෙවල් මාර්ගයේත් දැඩි රථවාහන තදබදයක්‌ ඇතිවුණා.

Popular posts from this blog

බෑනාගේ අනියම් පෙමට වශී වූ නැන්දම්මා, බෑනා නොදැක එක දවසක්‌වත් ඉන්න බෑ කියයි...

බෑනාගේ සෙනෙහස අහිමි වූ නැන්දම්මා බෑනා ඉල්ලා පොලිසියේ හඬා වැටේ... මීට වසර 11 කට උඩ දී මේ නැන්දම්මාගේ දියණිය ඉසුරු සොයා විදේශගත වන්නේ ඇයගේ වසරක්‌ පමණ වූ කුඩා පුතු මේ අම්මාට භාරදීමෙන් අනතුරුවය. ඒ වන විට අවුරුදු 19 ක නව යොවුන් තරුණ මාතාවක්‌ වූ ඇය ගොවිතැන් බත්කරන අවුරුදු 23 ක්‌ පමණ වූ තම දයාබර ස්‌වාමිපුරුෂයාගේ ජීවන බරින් අඩක්‌ කර ගැසීමටත් දරුවාගේ අනාගත සුබ සිද්ධිය නිසාත් මේ ගමන යන්නට කටයුතු යොදා තිබිණි. කන්තලේ ප්‍රදේශයේ ගංතලාව නම් ජනපදයේ වෙසෙන මෙම නැන්දම්මා තමන්ගේ නිවසේ තනිව ජීවත් වන්නීය. ඇයගේ ස්‌වාමිපුරුෂයා ඒ වන විට මියගොස්‌ය. බෑනා ඊට යාබද ඔහුගේ නිවසේ ජීවත්වන අතර කුඩා දරුවා හැදෙනු වැඩෙනුයේ නැන්දම්මා ළඟය.  කුඩා දරුවා නිසා බෑනා ද නිතර නිතර නැන්දම්මාගේ නිවසට ගොස්‌ දරුවාගේ සුවදුක්‌ විමසා බලන්නට වූ අතර කාලය දැන් කෙමෙන් කෙමෙන් ගලා යයි. වයස අවුරුදු 52 ක්‌ වුවද නැන්දම්මා හොඳට ඇහැට කනට පේන ජැන්ඩි පහට ඇඳ පළඳින 40 ක විතර පෙනුමැති හැඩකාරියකි.  ස්‌වාමියා අකාලයේ අහිමිවීමෙන් හුදකලා වූ නැන්දම්මා ද, වසර දෙකකටත් අඩු කාලයකදී හිටි හැටියේ බිරිඳ රට යැමේ වේදනාවෙන් හා සංකාවෙන් කල්ගෙවන

දානේ ගන්න ඕනේ නම් ගාවට එවන්න.......!

fy< Wreufha wm/lafla mq[a[dkkao ysñf.a YsIH wmfhdackh odfk .kak ´k kï ud .djg tkak'''Z hhs mjiñka jhi 8-10;a w;r YsIH idufkar NslaIqka wmfhdackhg ,lalf<a hhs

පානදුර ගිලුණු නෞකාවේ තෙල් මේ වනවිට මීගමුව දෙහිවල, රත්මලාන, වැල්ලවත්ත වෙරළට...

ගෝල්ෆේස් වෙරල තීරයට පැමිණ රැල්ල පෑගීම අවදානම්..... ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාව දැනුවත් කරයි... යකඩ කොටස් කිහිපයක් ඊයේ බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල වෙරළට . ඒවා දැක ගැනීමට පිරිස් රොක් වෙයි. පානදුරේ මුහුදේ නැංගූරම්ලා තිබියදී මුහුදු බත් වු නෞකාවෙන් සිදුවන ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඒ අනුව ගල්කිස්සේ සිට මීගමුව දක්වා වෙරළ තීරයට බලපැවැත්විය හැකි එවැනි තෙල් කාන්දුවක් පිළිබඳ තොරතුරු වාර්තා වුවහොත් දුරකතන අංක