සිද්ධිය සම්බන්ධයෙන් වට්ටුකෝට්ටයි පොලීසිය විසින් සැකකරුවකු ද අත්තඩංගුවට ගෙන තිබේ.මෙම දැරිය අතුරුදහන්ව ඇති බවට වාර්තා වූයේ පසුගිය 17 වැනිදා වන අතර ඒ සම්බන්ධයෙන් වව්ටුකෝට්ටයි පොලීසියේ පැමිණිල්ලක් ද කර තිබිණි.
මෙසේ මියගොස් ඇත්තේ සුලිපුරම් පන්ඩාවේට්ටයි කාට්ටුපුලම් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ක‍්‍රිෂ්ණමූර්ති ශාලිනි නැමැති දැරියකි.දැරියගේ මළ සිරුර හමුවී ඇත්තේ ඇගේ නිවසේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරින් තිබූ පාලූ නිවසක ගෙවත්තේ තිබූ ළිඳකිනි.ගවයන් දක්වමින් සිටි පිරිසක් දැරියගේ මළ සිරුර දැක පොලිසියට කරන ලද දැනුම්දීමකින් පසුව මෙම මළ සිරුර සොයාගෙන ඇත.
මල්ලාගම් මහේස්ත‍්‍රාත් එස්. ගජනිදිපාලන් මහතා විසින් කරන ලද පරීක්‍ෂණවලින් පසුව මෙම මළ සිරුර අතුරුදහන්ව සිටි 8 හැවිරිදි දැරියගේ බව තහවුරුවී තිබේ.
මල්ලාගම් මහේස්ත‍්‍රාත් එස්. ගජනිදිපාලන් මහතා විසින් කරන ලද පරීක්‍ෂණවලින් පසුව මෙම මළ සිරුර අතුරුදහන්ව සිටි 8 හැවිරිදි දැරියගේ බව තහවුරුවී තිබේ.