බාලවයස්කාර දැරියක් පැහැරගෙන යාම සහ ඇයට ලිංගික අපයෝජනයට භාජනය කිරීම සම්බන්ධ අධිචෝදනා දෙකට වරදකරු වූ පුද්ගලයෙකුට පාණදුර පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා විසින් බරපතළ සිර දඬුවම් සහ දඩද නියම කෙළේය.
පළමු වැනි අධිචෝදනාවට අවුරුදු දහයක බරපතළ සිර දඬුවමක් සහ රුපියල් දහදාහක දඩයක්ද දෙවෙනි අධිචෝදනාවට අවුරුදු විස්සක බරපතළ වැඩ ඇතිව සිරදඩුවමක් සහ රුපියල් විසිදහසක දඩයක්ද නියම කෙරුණි.
එම දඩුවම්වලට අමතරව රුපියල් ලක්‍ෂ දහයක වන්දියක් පැමිණිලිකාරිය වෙත ගෙවීමටද විත්තිකරුට නියම විය. එම වන්දිය සහ දඩමුදල් නොගෙවන්නේ නම් අවුරුදු තුනක අතිරේක සිරදඬුවමක්ද නියම විය. මෙම දඬුවම් ලැබුවේ පිළියන්දල කහතුඩුව ප්‍රදේශයේ පදිංචි හපුතන්තිරිගේ දොන් සැම්සන් ලෙනින් නැමැත්තාටය.