මැති සබය තුළ කතා කරද්දී "උන්" "මුන්" නමින් මන්ත්‍රීවරුන් ඇමතීමෙන් වළකින ලෙස එ.ජ.නි.ස. පත්කළ මන්ත්‍රී ඡේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාට මුලසුනේ සිටි ඒ. එච්. එම්. අස්‌වර් මහතා නියම කළේය.
ඔබතුමා ආචාර්යවරයෙක්. මේ සභාවේ සිටින සියලුම දෙනා ගරු මන්ත්‍රීවරු. එම නිසා "උන්" "මුන්" යෑයි මන්ත්‍රීවරුන් නම් කරන්න එපා යෑයි අස්‌වර් මහතා මුලසුනේ සිට ප්‍රකාශ කළේය.
සූරියප්පෙරුම මහතා සිය කතාව කරන අවස්‌ථාවේදී විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට "උන්" "මුන්" යෑයි කිහිප අවස්‌ථාවකදීම ඇමතුවේය. එම නිසා මුලසුන සූරියප්පෙරුම මහතාට එසේ ඇමතීමෙන් වළකින්නැයි කීය.