ප‍්‍රථම දරු ප‍්‍රසූතිය බලාපොරොත්තුවෙන් පසුවූ 22 හැවිරිදි තරුණියක් ඩෙංගු රෝගය වැළඳී මිය යාමේ පුවතක් කොළඹ කාසල් රෝහලෙන් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ ජීවනී මධුෂාණි නමැති මහරගම පමුණුව පාරේ පදිංචි තරුණියකි.
උණ රෝගය වැළඳී ඇය කොළඹ කාසල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (02) මියගොස් ඇත.
මෙම මරණයත් සමඟ මහරගම සෞඛ්‍ය බල ප‍්‍රදේශයේ ඩෙංගු රෝගය වැළඳී පස්දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.