තමා පෝස්ටර් ගැසීමෙන් වැළැකී සිටින බව මෙවර කොළඹ මහනගර සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගවදින ගායකයෙක්, නළුවෙක් හා නිවේදකයෙක් වන මධුමාදව අරවින්ද කියයි.ඔහු මේ බව පැවසුවේ, කලා කරුවෙකු ලෙස ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ඇති වෙනස පිළිබඳව කළ විමසීමකදීය. තමාට පෝස්ටර් ගැසීමට අවශ්‍යතාවක් නොවන බවත් කී මධූ තමාගේ රුව ජනතාවගේ හදවතේ ඇතැයි ද පැවසීය.මනාප අංකය ලෙස තමාට අංක හත ලැබීම සම්බන්ධයෙන් ද සතුටු වන බව ඔහු කීය.තමා මෙවර මැතිවරණයේ මනාප පොරයට කොළඹ වතු පුරා ඇවිදින ආකාරයටම ජයග‍්‍රහණයෙන් පසුව ද එම සෑම වත්තක් පුරාම ඇවිද ඔවුන්ගේ ගැටලූවලට පිළියම් යොදන බවද මධූ කීය.
තමාගේ සේවය කලාවට පමණක් සීමා විය යුතු නැති නිසා මෙම මැතිවරණයට ඉදිරිපත් වූ බව ද ඔහු සඳහන් කළේය.