අදාළ ලීසිං ගණුදෙනුවේ ඇපකාරිය ලෙස අත්සන් තබා ඇත්තේ නෙහාරා පීරිස් බව ද වාර්තා වේ.අද (20) ඇසෝසියේටඞ් මෝටර් ෆයිනෑන්ස් සමාගමේ නිලධාරියකු නේහාරාට දුරකථන ඇමතුමක් ලබාදී නිර්මාල්ගේ යතුරුපැදියට ලීසිං වාරික කිහිපයක් ගෙවා නොමැති බවත්, එම තත්ත්වය මත හෙට දිනයේදී එය සමාගම විසින් යළි රැගෙනයාමට කටයුතු කරන බවත් පවසා තිබේ.
එසේම අදාළ පාඩුව අයකර ගැනීමටත් කටයුතු කරන බවත් එම නිලධාරියා නෙහාරාට පවසා ඇත.
නිර්මාල්, එම යතුරුපැදියේ ලීසිං වාරික ගෙවීම පැහැර හැර ඇත්තේ හිතාමතාම නෙහාරට කළු පැල්ලමක් ඇති කිරීමට බව විශ්වාසකටයුතු අරංචි මාර්ගයකින් වාර්තා වේ.
ඔහුට මුදල් අහේනියක් නොවන බව ද එම ආරංචි මාර්ගවලින් වාර්තා වන අතර ඔහු පසුගිය සතියේදී සිය උපන්දිනය සැමරීමට ඒ.එම්.පී.එම්. අවන්හලේ සාදයක් පවත්වා ඇතැයි ද මේ අතර වාර්තා වේ.
එම සාදයට ආරාධිතයන් 50 දෙනෙකු පමණ සිට ඇතැයි ද පැවසේ.