ප්ලාස්ටික් ඇසුරුම් හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පාළුවෙයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (01) උදෑසන සිට පාළු ස්වභාවයක් ඉසිලීය. ගොවීන් අද දිනය තුළ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ප්‍රවාහනය කිරීමෙන් වැළකීම හේතුවෙන් මෙම වාතාවරණය පවතින බව සඳහන් කළේය. අද දින සිට ක්‍රියාත්මක කෙරෙන එළවළු සහ පළතුරු ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය අනිවාර්ය කිරීමට විරෝධය පළ කිරීම සඳහා ගොවීන් මෙම පියවර ගෙන තිබේ. කෙසේවෙතත් එළවළු හා පළතුරු ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය අනිවාර්යය කිරීම ගොවීන්ගේ සුභ සිද්ධිය පිළිබඳව අවධානය යොමුකරමින් ගත් තීරණයක් බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සුනිල් එස්. සිරිසේන මහතා ප්‍රකාශ කළේය
ප්ලාස්ටික් ඇසුරුම් හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පාළුවෙයි.
2011-09-02T12:02:00+05:30
Hot And Fast News