ඇය මේ බව පවසා තිබුණේ සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක් සඳහාය.තමාට අවුරුදු 40 පිරීමේදී ඉටුකරගතයුතුම බලාපොරොත්තුව විවාහයක් හා දරුපවුලක් බවද ඇය පවසන්නීය.
ගීතවල රූප රචනාවලට රංගනයෙන් දායක වී රංගන ශිල්පිනියක් ලෙස දිගු ගමනකට මුල පිරූ අංජුලා 2000 වසරේ මිස් වර්කිං ගර්ල් තරගයට ඉදිරිපත් වෙමින් එහි මිස් ෆොටෝ ජෙනික් ලෙස අභිෂේක ලැබූවාය.අංජුලා 2002 වසරේ මිස් ශ‍්‍රී ලංකා තරගයට ද ඉදිරිපත්වූවාය.
චන්දන එදිරිසිංහගේ ”නිල් නෙතු” සෙනෙෂ් බණ්ඩාර දිසානායකගේ ”වැහි පබළු සේල” හා ෂර්ලි පී. දෙලංකාවගේ ‘‘ඕලු’’ ටෙලි නාට්‍ය හරහා ඇය පේ‍්‍රක්‍ෂක ජනපි‍්‍රත්වයට පත්වීමට සමත්වූ නිළියකි.
ස්වර්ණවාහිනියේ හෙලෝ ශ‍්‍රී ලංකා හා රසබර බදාදා පෙරවරු වැඩසටහන මෙහෙයවමින් ඇය නිවේදිකාවක් ලෙසද දක්‍ෂතා පෙන්වීමට සමත්වූවාය.
අංජුලාට දක්‍ෂ ලෙස පියානෝව වාදනය කරන්නට ද හැකියාව ඇති අතර ඇයට ගීත ගායනා කිරීමට ද හැකියාවක් ඇතැයි ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.