මුල්ලේරියාව
ඝාතනයන්ට අදාළ පරීක්‍ෂණ සිදු කරනු ලබන සහකාර පොලිස් අධිකාරී අම්පාවිල මහතාව එම
මෙහෙයුමෙන් වහාම ඉවත් කරන ලෙස පසුගිය 17 වැනිදා පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබුණද ඔහු ඉවත් කළ
හොත් රහස් හෙළිදරව් විය හැකි බව පවසමින් පොලිස්පතිවරයා එම නියෝගය ක‍්‍රියාත්මක
නොකිරීමට එකඟකර ගෙන තිබිණ.කෙසේ වුවද
මහේෂ් පෙරේරා හා අම්පාවිල යන පොලිස් නිලධාරීන් ආරක්ෂක ලේකම්වරයා හමුවීමට යන මොහොතේ
ජනාධිපතිගේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ද එම ස්ථානයේ සිට
ඇත.
එහිදී ඝාතනයට
අදාළ ගිනි අවි දෙකක් රස පරීක්‍ෂකයා වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති අතර,
දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට කිසියම්ම හෝ
අවාසියක් විය හැකි කරුණු බී වාර්තාවට ඇතුළත් නොකිරීමට තීරණය කර ඇත.
නීතිපති
දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා එක්ව එසේ කෙටුම්පත් කළ බී වාර්තාව මේ වන විට මහේෂ්
පෙරේරාගේ කාර්යාල මේසයේ ලාච්චුවක දමා ඇති අතර, මේ වන විටත් එය ටයිප් කිරීමට කටයුතු කර නැත.
මේ අනුව මෙම
ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරන
වාර්තාව සම්බන්ධයෙන් ඉදිරියේදී රාජ්‍ය මාධ්‍ය ක‍්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ
සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනවල කිහිප දෙනෙකුට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.