ජනාධිපතිතුමන් අතින් හෙට (27) ජනතා අයිතියට පැවරෙන දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතාවගේ ගමන් බිමන් සඳහා විවෘත වන්නේ එදින පස්වරු 6 ට බව නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා කියයි. එදින නිල උත්සව රැසක් පැවැත්වෙන නිසා මේ තීරණය ගත් බව නියෝජ්‍ය ඇමැතිවරයා කියයි. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිල උත්සවය කරන්දෙනිය නගරයේදී පැවැත්වෙයි. දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට ආරාධිතයෙකු වශයෙන් සහභාගිවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.දින 5ක කාලයක් ඒ මහතා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර එම කාලය තුළ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් හමු වී සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන යසුෂි අකාශි මහතා මෙරට සාම ක්‍රියාවලිය පැවැති සමයේ සිට විශේෂ පහසුකම් සළසන්නෙකු වශයෙන් ක්‍රියා කර තිබේ.