උපාංග වල වගකීම, තත්වය ගැන මෙලෝ හසරක් නොදත් අසරණ පාරිභෝගිකයෝ, IBM, DELL, HP ආදී ප්‍රසිද්ධ වෙළඳ නාම සඳහා බලයලත් නියෝජිත ආයතන පසෙක තිබියදී එම වෙළඳනාම අඩු මිළට ගැනීමට මෙයට යති . පළමු මිළදී ගැනීම හිත පිනා යන තරම් එකකි. මිළ අදහාගැනීමටත් නොහැකි තරම් අඩු වීම ඊට හේතුවයි. දින කීපයක් සතුට පවතී. බාල උපාංග, පරිඝණක සිය හුස්ම පොද හරින්නේ අසුරු සැනිනි. පිනාගිය පාරිභෝගික සිත ගිනි ගැනීමට පටන් ගනී. සාපේක්ෂ වශයෙන් මිළ අඩු වුවද, ගෙවපු මිළත් සුළුපටු නැති නිසා ,මම ගත්තු දෙයට වගකීමක් ඇතිනේද? කියා ඕනෑම කෙනෙක්ට සිතීම සාධාරණය.
මුළු පරිඝනකයම හෝ උපාංග හෝ මිළදී ගත් තැනට අරන් දුවන්නටම වැඩ කටයුතු සිදුවේ. එවිට විකිණුම් කරු තවදුරටත් ඔබට එය විකිණුම් කරුවෝ නොවෙති, අපි වගකියන්නේ නැතැයි යන්න අසා ගැනීමට සිදු වන්නේ, දින කීපයකට කලින් මිළට ගත් උපකරණද අතින් කටින් එල්ලාගෙනය. laptops.lk වෙබ් අඩවිය පවත්වන වංඡනික හම්බ ව්‍යාපාරය THE TECHNOCITY PVT LTD ය. මේ අය විසින් දැනටමත් මෙසේ ගොනාට අන්දා ඇති අසරණයන් ගණන නිමක් නැත.
යුනිටි ප්ලාසා හි Barclays වගේ නම ගිය, ජනප්‍රිය අය නම් සිය මස්සිනාගේ ලිපිණය ලබා දී එතැනින් අදාල මුදල් ගෙවා අලුත්වැඩියාව කරගන්නා ලෙස කියා සිටිනු ඇත. අනේ අපොයි, අසරණ පාරිභෝගිකයාට ප්‍රහාර පිට ප්‍රහාර නේද?
බලන්න:
http://www.elakiri.com/forum/
පරිඝණක හා උපාංග මිළදී ගන්න යුනිටි ප්ලාසාම යා යුතු යැයි තවදුරටත් සිතනා ඔබට මෙම ප්‍රහාරයෙන් බැට කා ඇති අයගේ අවවාදය මෙයයි.ඔබ මිළට ගන්නා පරිඝණක උපාංග වලට අලෙවියෙන් පසු සේවාවක් හෝ, ආපසු මුදල් හෝ කැඩුණු එක වෙනුවට වෙනත් එකක් යන මේවා වලින් කිසිවක්ම ඔබට උවමනා නැතිනම් පමණක් ඔබට අපි යුනිටි ප්ලාසා , ව්‍යාපාරය අනුමත කරමු.
අනෙක් අයට දෙන අවවාදය නම් කීයක් හෝ වැඩියෙන් ගෙවා හෝ අදාල බලයලත් නියෝජිතයාගෙන්ම පමණක් ඔබගේ ප්‍රියතම වෙළඳනාමය සහිත ප්‍රමිතියෙන් යුතු පරිඝණක හා උපාංග මිළට ගන්නා ලෙසයි.