රාත‍්‍රී කාලයේ මෝටර් රථයකින් ගමන් ගත් තරුණ පෙම් යුවලක් පරීක්‍ෂා
කිරීමට යයි පවසමින් නාරාහෙන්පිට බේස්ලයින් පාරේදී එම මෝටර් රථයේ සිටි
තරුණියට ලංගික අඩත්තේට්ටම් කොට ඔවුන් සන්තකයේ තිබූ මුදල් සහ ජගම දුරකතන
සොරා ගැනීමේ සිද්ධීන්ට සම්බන්ධ පොලිස් නිලධාරීන් තිදෙනෙකු පිලිබඳව අපරාධ
පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.
පසුගිය 23 වන දින රාත‍්‍රියේ මොවුන් දෙදෙනා තම මෝටර් රථයෙන් ගමන් ගන්නා
අවස්ථාවේ නාරාහේන්පිට පොලීසියේ නිළධාරීන් තිදෙනෙකු එය නවත්වා තරුණයාට බැණ
වැදී තරුණියට අඩත්තේට්ටම් කොට තිබේ.පසුව මෙම යුවල විදින් මේ පිලිබඳව පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ නියෝගයක් මත පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.