අම්මාගේත් , තාත්තාගේත් අඩිපාරේ යමින්,
ඔවුන්ගේ අත්දැකීම් වලිනුත් පන්නරය ලබා, ඒත් තමුන්ටම ආවේණික ශෛලියක් ගොඩනගා
ගන්නා අපේ පරම්පරාවේ ගායිකාවක් හැටියටයි රයිනි චාරුකා ගුණතිලක අපේ මතකයේ
රැඳී ඉන්නේ. රූකාන්ත - චන්ද්‍රලේකා මේ රටේ Music වලට ලබා දුන් දායාදයන් අතර
වටිනා ම සම්පත රයිනි වැනි දක්ෂ ගායිකාවක් බිහිකිරීම කියලා කිව්වොත් එහි
වරදක් නැහැ.
කුඩා කාලයේ ඉඳලම දෙමාපියන් සමග කලා කටයුතු වලට සම්බන්ධ වුණත් ,
රයනිව අපට වඩාත් ම සමීප වුණේ “නීල කඳුගැටේ“ ගීතයෙන්. රයිනි , චින්තිත්
එක්ක ගායනා කළ “තරු මිණි“ song එකත් Hit වුණා. ගායනයට විතරක් නෙවෙයි, රයිනි
රඟපෑමටත් දක්ෂ බව එයා රඟපෑ පලවෙනි film එකෙන් ම ඔප්පු කළා. “සිංහාවලෝකනය“
රයිනිගේ පළවෙනි සිනමා රංගනයයි. ඒත් රයිනි වේදිකා රංගනයට නම් අලුත් කෙනෙක්
නෙවෙයි. පාසලේ දී ම The Lobster Quadrille, West Side Story, Don’t Call Me
Woman, Wicked, The Lion King, The Nativity වගේ වේදිකා නාට්‍ය රැසකට
රයිනි රංගනයෙන් එක් වුණා. ඒ වගේම Prima, Damro, X-Tra, Kicks, Wrigleys,
Lotus, Lanka Soy, Munchee, Nivaaran, Indra Traders වගේ වෙළඳ දැන්වීම් වලට
පසුම් හඬ සපයන්නටත් රයිනිට හැකි වුණා.
කලා
ලොවේ ඉහලින් ම වැජඹෙන රයිනිගේ අනාගත සිහිනය නම් ටිකක් විතර අමුතු එකක්.
ඇගේ බලාපොරොත්තුව Commercial Pilot කෙනෙක් වීමයි. ඇය මේ වන විටත් ඒ ගැන
අධ්‍යාපනය ලබමින් ඉන්නවා. ඒ සියල්ල අතරේ ගායනයට, රංගනයට සුළුවෙන් හෝ කාලය
යොදවන්න ඇය අමතක කරන්නේත් නැහැ.රයිනිට කලා ලොවේ දිගු ගමනක් යන්නට ලැබේවා කියලා අපි සුබ පතමු.