කැලණිය ප‍්‍රදේශයේ නීති විරෝධී හා සමාජ විරෝධී කටයුතුවල යෙදෙන ඇතැම්
පිරිස් තමාගේ කීර්ති නාමය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව මහජන
සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
එබැවින් එම පිරිස වහාම අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන්නැයි ආරක්‍ෂක අංශවලට දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා කියා සිටී.ප‍්‍රදේශයේ සාමකාමී බවට තර්ජනයක් වී ඇති මත්කුඩු හා නීති විරෝධී මත්පැන්
ජාවාරම්කරුවන්, කප්පම් කල්ලි, අනවසර ඉඩම් ගොඩකරන්නන් ඇතුළු පාතාල
අපරාධකරුවන් ප‍්‍රදේශයෙන් ඉවත් කිරීමේ මෙහෙයුම අරඹා ඇති අවසථාවක එම කල්ලි
සංවාධිනය වී තමාට එරෙහිව මඩ ව්‍යාපාරයක් අරඹා ඇතැයිද ඒ මහතා පවසයි.