හමුදා නිලධාරීන් පිරිසක් විසින් සැකකාරියන් පිරිසක් නිරුවත්කොට
පරීක්ෂා කරන මුවාවෙන් අමානුෂික වධබන්ධනවලට ලක්කොට තිබුනු බව නීතීඥවරුන්
පිරිසක් අධිකරණයට දන්වා සිටියහ.කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී එම සැකකාරියන් පිරිස නිරුවත් කොට පරීක්ෂා
කිරීම හේතුවෙන්
ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව අද කොළඹ
මහේස්ත්‍රාත් අධිකරණයේදී කරුණු දැක්වූ නීතීඥ ගුණරත්න වන්නිනායක හා ලිලාන්
අමරකෝන් යන මහත්වරුන් පවසා සිටියහ.
දැනට බන්ධනාගාර ගතව සිටින සැකකාරියක් විසින් නීතීඥවරුන් දැනුවත්
කිරීමෙන් පසු නීතීඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටි අතර මහේස්ත්‍රාත්
ඉවෝන් ප්‍රනාන්දු මහත්මිය වහාම ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස බන්ධනගාර
අධිකාරීවරයාට නියෝග කර තිබේ.