චන්දික නානායක්කාර වෙනස් රංගනයක
චන්දික නානායක්කාර නව පරපුරේ ජනප‍්‍රිය රංගන ශිල්පියෙකි. මේ දිනවල ඔහු අමා ටෙලිනාට්‍ය හරහා නපුරු චරිතයකින් ටෙලි පේ‍්‍රක්‍ෂකයන්ගේ ආකර්ශනය දිනාගෙන සිටී.ඔහුගේ මෙම රංගනයත් සමග ඔහු යම් වෙනස් රංගනයක යෙදෙන බව ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන්ගේ මතය වේ.
කෙසේවුවද ඇතැමුන් චරිත තෝරා බේරාගෙන රංගනයේ යෙදෙන මෙවන් සමයක චන්දිකගේ මේ අපූරු වෙනස ගැන අපි ඔහුගෙන් විමසුවෙමු.
ඇත්තටම රංගන ශිල්පියෙක් කියන්නෙ එකම රාමුවකට කොටුවිය යුතු පුද්ගලයෙක්ද ?
කොහොමත්ම නැහැ. ඒත් සමහර ශිල්පීන් යම් චරිතයක් රඟපාලා, ඒක පේ‍්‍රක්‍ෂකයා අතරට ගියාට පස්සෙ තමා රංගන ශිල්පියෙක් කියන එක අමතක කරලා, අර චරිතය ජීවත් කරවන්න උත්සාහ කරනවා.
නළුවෙක් දර්ශන තලයට ගියහම තමන්ට තමන්වම අහිමිවෙනවා, අදාල චරිතයට අනුව ඔහු බාහිර ස්වරූපයෙන් පවා වෙනස් විය යුතුයි. එ්ත් අපේ සමහර නළුවෝ තමන්ගේ රූපයට ගැලපෙන විදිහට තමන් රඟපාන චරිතය රචකයාට කියලා ලියවාගන්නවා. යම් චරිතයක් රඟපාලා පේ‍්‍රක්‍ෂකයා ඉන් තමන් ගැන ගොඩනගා ගත් ප‍්‍රතිරූපයට හානියක් වෙයි කියලා හිතලා චරිත ප‍්‍රතික්ෂේප කරනවානම් ඒක හරි විහිළුවක්.
මම ඒකට උදාහරණයක් කියන්නම්.
බෙන් කිංස්ලි කියන ලෝක ප‍්‍රකට නළුවා තමයි ගාන්ධි චිත‍්‍රපටය ගාන්ධිගෙ චරිතය රඟපෑවෙ. ඔහු ඒ චරිතය වෙනුවෙන් බාහිර ස්වරූපයෙ යම් යම් වෙනස්කම් කළා. ඔහුත් තමන් කලින් කරපු චරිත තුළින් ගොඩ නගාගත් ප‍්‍රතිරූපයට හානියක් වෙයි කියලා හිතලා ඒ චරිතය ප‍්‍රතික්ෂේප කළෙත් නැහැ.
තමන්ගෙ ස්වරූපයෙ වෙනස්කම් කරන්න බැහැ කිව්වෙත් නැහැ. ගාන්ධි කියන්නෙ යටි රැවුල තියෙන කෙනෙක් නෙවෙයි කියලා නොදන්නේ කවුද? බෙන් කිංස්ලි ඒ චරිතය වෙනුවෙන් අවශ්‍ය කැපවීම කළා. රංගන ශිල්පියෙක්ට තමුන් පිළිබඳ ආත්ම විශ්වාසය තියෙනවනම්, තමන්ට ලැබෙන චරිතය වෙනුවෙන් බාහිරව වෙනස් වෙන්න පුළුවන්.
චන්දික නානායක්කාර වෙනස් රංගනයක
2012-02-26T12:15:00+05:30
Hot And Fast News