ජනපි‍්‍රය ටෙලි නිළියක් වන පියුමි බොතේජු හුඟ දෙනෙකුගෙන් සල්ලි අරන් නොදී ඉන්නව කියල මේ දවස්වල කතාවක් පැතිරිලා තියෙනවා.අපි පියුමිගෙන් ඇහුව මොක්ද මේ පලහිලව්ව කියල.පියුමි
ගත් කටටම කිවුවේ ඒ පියුමි මම නෙමෙයි’ කියල.
එහෙම
ආරංචියක් පැතිරෙන්න හේතුව මොකක්ද කියලාත් අපි ඊළගට ඇහුවා.”මගේ
නම තියෙන තවත් ටෙලි නාට්‍ය නිළියක් තමයි මේ විදිහට හුඟ දෙනෙක්ගෙන් සල්ලි අරගෙන නොදී ඉඳලා තියෙන්නෙ. ”පියුමි” කියලා කිව්වහම හැමෝම වගේ හිතලා තියෙන්නෙ මම කියලා. ඒත් ඒ මම නෙවෙයි.
සමහරු කරන මේ වගේ දේවල් නිසා ඇත්තටම අපිත් අපහසුතාවට පත්වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. වරදක් නොකර එහෙම අපහසුතාවයට පත්වීම හරි අපරාධයක්.” යැයි පියුමි කණස්සල්ලෙන් පැවසුවාය.