ගිය බදාදා රාත්‍රීයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ,ජාතික තරුණ
සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා ඇතුළු මිතුරන් පිරිසක් කොළඹ සිනමන්
ලේක් සයිඩ් හෝටලයට ගියා.ඒවන විට සිනමන් ලේක් සයිඩ්හි තායි භෝජනාගාරයේ
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සිය හිතවත්
පිරිසක් සමග ආහාර ගනිමින් සිටියා.
නාමල් සහ මිතුරන් භෝජනාගාරයට ඇතුළු වෙද්දී ම ඇය දුටු නාමල් මිතුරන්ට ඇයව පෙන්නුවා."කට්ටියක්ම ඉන්නවනේ.පස්සේ කතා කරමු" නාමල් තම මිතුරන්ට කියා සිටියා.ආහාරගැනීමෙන් පසුව හිටපු ජනාධිපතිනියද සෙසු පිරිස් සමග සුහද කතාබහක නිරතවීමෙන් පසු යන්නට නැඟී සිටියා.
ඒ වෙලාවේ එතනට ගිය නාමල් ඇයට කතා කළා."මැඩම් මම නාමල්.අඳුරන්න පුළුවන්ද..""මං ඔයාලව දැක්කා .ඒත් අයියද මල්ලිද කියල අඳුරගන්න බැරිවයි හිටියේ.දෙන්නම රගර් ගහනවනේ..?"
චන්ද්‍රිකා මැතිනිය කියා සිටියා.ටික වේලාවක් කතාබහ කරමින් සිට නාමල්ට සුබපතා චන්ද්‍රිකා මැතිනිය යන්නට ගියා.