එම පාවහන් පුහුණුකරුවන්ට විශේෂිත පාවහන් ලෙස රීබොක් නිපදවා තිබේ. කෙසේවුවද අදාල වෙළෙඳ දැන්වීමේ එක් අවස්ථාවකදී ඇය රග්බි විනිසුරුවන් අඳින ආකාරයේ ඇඟට හිරවූ කලිසමකින් සහ ටී ෂර්ටයකින් සැරසී ඊයම් පැහැති රග්බි පන්දු සහිත පෙට්ටියකට බැස සිට ඇත.
ස්ට්‍රෝබෙරි හා රග්බි යන තේමාව යටතේ සිදුකර ඇති මෙම රූගතකිරීම කෙලී බෲක් පළමු වරට ‘රීබොක්’ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටියේ 2009 දීය. රග්බි කී‍්‍රඩාව හා බෲක් අතර සම්බන්ධයද අද ඊයේ එකක් නොවේ.
ඒ, එංගලන්ත රග්බි තරුවක් වන ඩැනී සිප්රියානි සමඟ වසර 2ක් පුරාවට ඇයි හොදැයි කම් පැවැත්වූ ඇගේ වත්මන් පෙම්වතා වන තොම් එවන්ස් ද ස්කොට් ජාතික රග්බි තරුවක් වන බැවිනි.