තරමක වෙනස් ආකාරයේ පාපැදි ගමනක් පසුගියදා පීරු හි ලීමා අගනුවරින් වාර්තා විය.මෙම පාපැදි සවාරියේ මෙහි විශේෂත්වය වූයේ එයට සහභාගී වූ සියල්ලන්ම නිරුවතින් හෝ අඩනිරුවතින් සිටීමයි.
නොසැලකිලිමත් ලෙස රියපැදවීම හේතුවෙන් පුද්ගලයන් දහස්ගණනක් මියයන බව පවසන
මොවුන්, ලීමා නගරයේ මාර්ග වල අනාරක්‍ෂිත භාවයට විරෝධය දැක්වීමක් වශයෙන් මෙම
පාපැදි ගමන පවත්වා ඇත.
මෙම විරෝධතාව සඳහා පුද්ගලයන් 300 – 500ක් අතර පිරිසක් සහභාගී වුනු බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මොවුන්ගෙන් බොහෝ දෙනෙක් සිය සිරුරු වල විවිධ විරෝධතා පාඨ හා පණිවුඩ ලියා තිබුණු බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.