මම ඇඳුම මාරුකලේ ඔයා කියපු නිසා නෙමෙයි...
ජනපි‍්‍රය ටෙලි නිළියක් වන නදී චන්‍ද්‍රසේකර ප‍්‍රවීන නිළියක වන අනුලා කරුණාතිලකව හඬවා ඇතැයි යනුවෙන් පලව තිබූ පුවත ජනිපි‍්‍රය නිළි නදී ප‍්‍රවීන නිළි අනුලාට ගරුසරු නොකිරීම නිසා නදීගේ තරම හෙළිවේ යනුවෙන් නිවැරදි විය යුතුය.
එහි තිබූ නදී විසින් නිෂ්පාදනය කරනු ලබන ටෙලියකදී අනුලාට ලබාදී ඇති චරිතයේ විලාසිතා වැඩි බව අනුලා නදීට පවසා ඇතැයි යන්න ද නිවරදි විය යුතුය.
එය සිදුව ඇත්තේ මීට වසර 4කට පෙර ෂර්ලි පී දෙලන්කාවලගේ ‘පිනිකුණාටුව’ නම් ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කළ අවස්ථාවේදීය.
මෙහි එක් දර්ශනයක නදීට ගුවන් තොටුපල වෙත යාමේ නිරූපණයක් කිරීමට සිදුව තිබූ අතර එහිදී නදී විසින් ඊට නොගැලපෙන ලෙස ඇඳ සිටි ගවුම සම්බන්ධයෙන් අනුලා අදහසක් දක්වා තිබේ.
ඇය සඳහන්කර ඇත්තේ එය ගුවන් තොටුපලකට යාමේ නිරූපනයකට ගැලපෙන ආකාරයේ විලාසිතාවක් නොවන බවත්, ගවුමක් ඇඳීමට වඩා කලිසමකින් හා ටීෂර්ටයකින් සැහැල්ලූ ලෙස සැරසීම ඊට වඩාත් උචිත බවයි.
කෙසේවුවද ඊට පිළිතුරු ලෙස නදී ‘මම අඳින්නේ මට ඕන විදියට’ බව පවසා ඇත.පසුව අධ්‍යක්‍ෂවරයාට ද නදීගේ ඇඳුම වැඬේට නොගැලපෙන බව හැගී එය වෙනස්කර තිබේ.‘මම ඇඳුම මාරුකලේ ඔයා කියපු නිසා නෙමෙයි’ යනුවෙන් නදී ඇඳුම මාරුකරගෙන පැමිණ අනුලාට පවසා තිබේ.
පසුව අනුලා දෑත් බැඳ නදීගෙන් සමාව ගෙන ඇත.නදීගේ ප‍්‍රවීන නිළි ගරු සරුව සම්බන්ධයෙන් එහිදී බොහොදෙනෙකු කතා බහ කළ බවද මේ අතර වාර්තා වේ.