මිය යනවිට වයස 43 යි...
ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරා කොළොඹ පෞද්ගලික රෝහලකදී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මිය යනවිට එතුමා 43 වියේ පසුවිය.සතිෂ් පෙරේරා යනු නැසී ගිය ප්‍රවීන ගායක ෂෙල්ටන් පෙරේරා මහතාගේ පුතනුවන් වේ.
සතිෂ් පෙරේරා විසින් නව සංගීතය මුසුකල "අවසන් ලියුමයි ඔබට ලියන්නේ" "එගොඩහ යන්නෝ" ගීත අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ගීත වේ.
අවමංගල කටයුතු පිලිබඳ විස්තර පසුව දැනුම්දෙන බව පවුලේ උදවිය සඳහන් කර ඇත. සතිෂ් පෙරේරාගේ දේහය කලල්ගොඩ, ජෝතිකාරාම මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතය.
අංජානා, සුන්දරයි ඔබ, පෙම් හසුන් ඇතුළු ගීත හරහා මෙරට සංගීත ලෝලීන් අතර ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගැනීමට ද සමත්විය.
පවුලේ ඥාතීන් පැවසුවේ, පැවති අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සතිෂ් පෙරේරා දින කිහිපයක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ බවය.