අලියා ප්‍රධාන ඇළේ සොරොව්වක හිරවෙලා...
මාදුරු ඔය ජලාශයේ ජලය වැලිකන්දට අරන් එන ඇල මාර්ගයට ජලය බීමට එන අලින් එම ඇලට වැටීම සාමාන්‍ය දෙයක්.
එසේ වැටෙන අලි ගොඩට ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවෙන් විශාල පරිශ්‍රමයක් දරනවා. පසුගිය මාර්තු මාසයේද එලෙස වැටුන අලියෙක් අලියෙක් ගොඩට ගනු ලැබුවා.
නමුන් ඊයේ දිනයේදී එම ඇලට වැටුන අලියාව ගොඩට ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට හැකිවුනේ නැහැ. ස්ථාන කීපයකින් ම අලියාව ගොඩට ගැනීමට උත්සාහ කළත් අසාර්ථක වීම නිසා කිලෝමීටර් 25ක් ඇල දිගේ ගසාගන ගිය අලියා වේල්ලකින් පහතට පෙරලී මියගියා.
මීට දින කීපයකට පෙර මාදුරුඔය ප්‍රධාන ඇළට වැටුණු වන අලියාගේ සිරුර දිඹුලාගල අලුත්වැව ප්‍රදේශයේදී ප්‍රධාන ඇළේ සොරොව්වක හිරවී තිබියදී 13 වැනිදා (ඊයේ) වෙහෙරගල අලි පාලන ඒකක නිලධාරීන් විසින් ගොඩගනු ලැබීය.