අද මන් තනි ගැහැනියක් නෙමෙයි...
මගේ
දරු දෙදෙනා තමා ලොකුම සම්පත…
අතුල සමිතා ක්ෂේත්‍රයේ නිරන්තර කතා බහට ලක් වන යුවලක් වන්නේ ඔවුන්ගේ ගීත වලට ප්‍රේක්ෂකයාගේ ඇති ආදරයත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත වල වෙන්නාවු නිරන්තර හැල හැප්පීම් ආදියත් හේතුවෙන්…
සමිතා සහ ඇමති ජොන්ස්ටන් අතර ඇති සම්බන්ධය සියල්ලන්ටම රහසක් නොවන අතර වරෙක සමිතා සහ ඇමති ජොන්ස්ටන් ගමන් ගත් රිය අනතුරකට ලක් වීමෙන් ඒ පිළිබඳව වඩාත් කතා බහට ලක් වුනා.
එසේම අතුල සහ නිරූපිකාවක් වන අමායා අධිකාරි අතර ඇති සම්බන්ධය අන්තර්ජාල ජයාරූප මගින් ප්‍රසිද්ධ වූ හෙයින් ඔවුන් මෑතකදී පුවත්පතකට පවසා සිටියේ ඔවුන් විවහා වුයේ 2010 වසරේ බවත් මේ වන විට ඔවුන්ට දරුවෙකු ලැබීමට සිටින බවත්ය.
කෙසේවෙතත් ඒ අතර කාලයේ සමිතා පුවත් පත් සඳහා කියා සිටියේ තමා හා අතුල දික්කසාද වී සිටින්නේ යැයි පැතිර යන කටකතා බොරුවක් බවත් තමා විවාහ වී සිටින්නේ අතුල සමග බවත් ය. එහෙත් ඒ දිනවල අතුල ,සිය නැගණිය වන නෙලූ අධිකාරි ගේ නිවසේ සිට කලා කටයුතු සඳහා පැමිණියා.මේ අකාරයෙන් මොවුන්ගේ දිවියේ හැල හැප්පීම් සිදුවෙද්දී සමිතා මෙසේ කියා සිටිනවා.
මේ සමිතා සිය ජීවිතයේ වර්තමානය ගැන කියූ ආකාරයයි …
‘අද මන් තනි ගැහැනියක් නෙමෙයි ,මගේ දරු දෙදෙනා තමා ලොකුම සම්පත …වැඩිමහල් දුව කාවින්ද්‍යා දේවින්දි මේ සැරේ ඕ ලෙවල් කරනවා .එයාගේ අධ්‍යාපන කටයුතු නිසා ටිකක් කාර්ය බහුලයි ,
ජීවිතේ ඇතිවීම් සහ නැති වීම් විඳදරා ගැනීමට මට සිතා ගත නොහැකි අකාරයේ ශක්තියක් උරුමව තිබෙනවා..ඒ වගේම ඕනෑම අවස්ථාවක උදව් ලබා දෙන හොඳ මිතුරු පිරිසක් මට සිටිනවා ..
මේ විදියට මගේ ගමන හෙමින් ගලා යාවි .සමිතා ලෝකයට ආදරෙයි ..කාටවත් වෛර කරන්නේ නෑ..මම දන්නේ එච්චරයි..