ආරක්ෂක ලිංගික ක්‍රම
භාවිතා කරන්නේ නම් රට තුළ එච්.අයි.වී.අවම කර ගත හැකියි.
ශ්‍රී ලංකාවේ පිරිමින් 80,000 ක් දිනකට ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ සේවය
ලබා ගන්නා බව එච්. අයි. වී. ඒඩ්ස් මර්දන ඒකකය මගින් කළ සමීක්ෂණයකදී
අනාවරණය වී ඇත.
මේ වන විට ලිංගික ශ්‍රමය සපයන කාන්තාවන් 40, 000 ක් පමණ රට
පුරා විසිරී සිටින බැවින් පිරිමි දෙදෙනකු හෝ තුන්දෙනකුඉන් එක් කාන්තාවකගේ
සේවය ලබා ගන්නා බව ඒඩ්ස් මර්දන ඒකකයේ වෛද්‍ය ජී. වීරසිංහ මහතා සඳහන් කළේය.
කැසිනෝ සමාජශාලාවල සේවය කරන ඇතැම් ගණිකාවන් එක් පිරිමියෙකුට පමණක් සේවය
සපයා උපයා ගන්නා මුදල ගණිකා නිවාසවල හෝ වීදි ගණිකාවන් පිරිමි දෙතුන්
දෙනෙකුට සේවය සපයා උපයා ගන්නා මුදලට සමාන වෙන බවද හෙතෙම කීය.
මෙසේ ගණිකා සේවයේ යෙදෙන පුද්ගලයින් හෝ ගණිකාවන් ආරක්ෂක ලිංගික ක්‍රම
භාවිතා කරන්නේ නම් රට තුළ එච්.අයි.වී. ඒඩ්ස් රෝගය හැකිතාක් දුරට පැතිර යාම
අවම කර ගත හැකි බවද එච් අයි වී ඒඩ්ස් මර්දන ඒකකය සඳහන් කර සිටී.
වීදි ගණිකාවන් පිරිමි දෙතුන් දෙනෙකුට සේවය සපයා මුදල් හම්බකර ගන්නවා...
2012-06-16T11:28:00+05:30
Hot And Fast News
පුවත්|