16 වැනිදා සවස 7ට සී.එච් ඇන්ඞ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේදී...
සිරස රූපවාහිනී නාලිකාවට වසර 14ක් සපිරීම නිමිති කරගනිමින් භාරතයේ සුප‍්‍රසිද්ධ ගායක උදිත් නාරයන් ගේ සහභාගීත්වයෙන් දැවැන්ත සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට නියමිතය.
එය එළෙඹෙන 16 වැනිදා සවස 7ට කොළඹ සී.එච් ඇන්ඞ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේදී පැවැත් වේ.
යුග ගායනයෙන් මීට දීපා එක්වන අතර වාද්‍ය වෘන්දය ඇතුළු නර්තන ශිල්පීන්ද ඉන්දියාවෙන් ගෙන් වීමට නියමිත බව පැවසේ.දශක තුනක් පුරාවට ඉන්දීය චිත‍්‍රපට වල ආදරණය සංගීතමය හඬ බවට පත් වූ උදිත් නායරායන් චිත‍්‍රපට රැසකට පසුබිම් ගායනයෙන් එක්ක ඇත.
සම්මානනීය ගායකයකු වූ ඔහු ලතා මන්ගේෂ්කාර් සමඟ අතිසාර්ථක චිත‍්‍රපට රැසකට ගායනයෙන් එක් විය.ඩර්, දිල්වාලේ දුල්හානියා ලේජායින්ගේ, දිල්තෝ පාගල්හේ, මොහාබතින්, ජබ් ප්යාර් කිසිසේ හෝතාහේ, වීර්සාරා, ලගාන්, මුජුසේ දෝස්ති කරොන්ගේ ඒ අතරින් කිහිපයකි.
මීට අමතරව ඔහු සමඟ වැඩිම ගීත ප‍්‍රමාණයකට යුග ගායනයෙන් එක්ව ඇත්තේ අල්කා යග්නිග් වේ.එළෙඹෙන 16 වැනිදා පැවැත්වෙන සංගීත ප‍්‍රසංගය සඳහා ප‍්‍රවේශපත් සිංගර් මෙගා, සලාකා සෙන්කඩ, වයිබ්‍රේෂන් සහ ටාජ් සමුද්‍රා වෙතින් ලබා ගතහැකිය.
ප්ලැටිනම් – 7500/-,
ගෝල්ඞ් – 5000/-
සිල්වර් – 3000/-
බ්‍රොන්ස් – 1000/-
විමසීම් – 077389233 / 0727318304 / 0714974974