Ads 468x60px

.

ආරුගම්බේ ජලය සිඳේ, මාළුන් ලක්‍ෂ ගණන් මියයයි...

ප‍්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක්...
රැකියා කරගත නොහැකි තත්වයක...

පවතින දැඩි නියඟය හේතුවෙන් පොතුවිල් ආරුගම්බේ කලපුවේ ජලය සිඳී ගොස් කලපුවට මුහුදු ජලය මිශ‍්‍ර වීමේ හේතුවෙන් මසුන් ලක්‍ෂ ගණනක් මිය ගොස් තිබේ.


එසේ මියගිය මසුන් ගොඩබිමට ගොඩගසා ඇති අතර අඟළුවන්, ගොඩයන් සහ කොරලි විශාල වශයෙන් ඒ අතර වේ.

මේ හේතුවෙන් ප‍්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පැතිර ඇති අතර ප‍්‍රදේශයේ ධීවරයන් සිය රැකියා කරගත නොහැකි තත්වයක පසුවේ.

 
Related Posts with Thumbnails