අනතුරෙන් විදුලිබල මණ්‌ඩලයට
රුපියල් ලක්ෂ දහතුනක පමණ පාඩුවක්...
අනුරාධපුර යාපනය ප්‍රධාන මාර්ගයේ සාලියපුර ගල්වල හන්දිය ප්‍රදේශයේදී 18 වැනිදා අලුයම 1.56 ට පමණ ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්‌ෆෝමරයක් සහිත විදුලි පහන් කණුවක හැපීම නිසා ටිපර් රථයට එම කණුව වැටී තිබූනා.
මෙම අනතුරෙන් ටිපර් රථ රියෑදුරුට තුවාල සිදුවී නැත. මෙම අනතුරෙන් විදුලිබල මණ්‌ඩලයට රුපියල් ලක්ෂ දහතුනක පමණ පාඩුවක් වී ඇතැයි අනුරාධපුර විදුලි ඉංජිනේරු බුද්ධික ප්‍රසාද් හෙට්‌ටිආරච්චි මහතා පැවසීය.