වතුපිටිවල රෝහලේ ඩෙංගු රෝගීන් හට මෙම තෙල ආලේපයන් පසුව ඩෙංගු රෝගීන් ගණන අඩුවෙලා...
පසුගිය කාලයේ මර්වින් සිල්වා අමාත්‍යවරයා හරහා මාධ්‍ය හමුවේ දී තොරතුරු අනාවරණය කල බෙහෙත් තෙල ඩෙංගු රෝගියකුගේ සිරුරේ මෙම තෙල් ආලේප කළ විට රෝගය බොහෝ දුරට සුව අතට හැරෙන බව අමිතිරිගල පාලිත ධම්ම හිමියෝ පැවසූහ.
වතුපිටිවල රජයේ රෝහලේ ඩෙංගු රෝගයෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ට මෙම තෙල ආලේප කළ විට මෙසේ සුව වූ බවද උන්වහන්සේ සඳහන් කළහ. මෙම තෙල් ඇස වලට ඉහලින් නළල් දෙපසින් අලේප කල පසු බොහෝ ඩෙංගු රෝගීන් සුව වූ බව පැවසේ.
මර්වින් සිල්වා අමාත්‍යවරයා හරහා මාධ්‍යයට ඉදිරිපත්වූ හෙයින් බොහෝ දෙනා මෙම හිමිනම කෙරෙහි විශ්වාසයක් නොතැබුවත් මේවනවිට බොහෝ ඩෙංගු රෝගීන් ගණනක් සුව කර ඇති හෙයින් මේ වනවිට ඒ හිමියන් කෙරේ නැවතත් මාධ්‍යය අවධානය යොමුවී තිබේ.
පාලිතධම්ම හිමියෝ වතුපිටිවල රෝහලේ ඩෙංගු රෝගීන් හට මෙම තෙල ආලේපයන් පසුව ඩෙංගු රෝගීන් ගණන අඩුවී ගොස් ඇති අතර එම කරුණ වතුපිටිවල රෝහලේ වෛද්‍යය සිසිර විජේසුන්දර මහතාද සනාථ කලද රෝගීන් සුව වුවේ එම තෙල නිසාවෙන්ද යන්න නිශ්චිතව කීමට නොහැකි බව පවසයි.
මේ පිළිබඳව කල විමසීමකදී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ බුදුන් වදාර ඇත්තේ උතුම්ම ධනය නිරෝගී සම්පත බවත් තමා ජාති කුල දුප්පත් පොහොසත් බේදයක් නොමතිව එය ඇතිකරීමට දායක වන බවයි.
ඩෙංගු රෝගයට විදේශීය පැලැස්තර ඇලවීමට ප්‍රථම දේශීය විසඳුමක් ලෙස මෙම තෙල් සැබවින්ම ඩෙංගු රෝගය සුව කරන්නේද යන්න සොයා බලා මිනිසුන් දැනුවත් කිරීම සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ වගකීමකි.