Ads 468x60px

.

ගයාන්ට පොඩි ඇබැද්දියක්‌...

පල්ලමක ඉඳගෙන දුවගෙන ආපු ගයාන් ගලක වැදිලා අඩි හයක්‌ විතර උඩින් ගිහින් වැටිලා...

ගයාන් වික්‍රමතිලක මේ දවස්‌වල වැඩිපුර කාලය වැය කරන්නේ සිරිදළදා ගමනය චිත්‍රපටයේ රූගත කිරීම්වලට කියල අපට දැනගන්න ලැබුණා. 


ඒ අතරේ ආදරියේ සහ සේපාලිකා ටෙලිනාට්‍යවලත් රූගත කිරීම්වලට දායක වෙනවලු. සිරිදළදාගමනය රූගත කිරීම්වලදී ගයාන්ට පොඩි ඇබැද්දියක්‌ වෙලා කියලයි දර්ශනතලයේ අය අපට කිව්වේ. 

පල්ලමක ඉඳගෙන දුවගෙන ආපු ගයාන් ගලක වැදිලා අඩි හයක්‌ විතර උඩින් ගිහින් වැටිලා කියලයි කියන්නේ. විශාල ගල් දෙකක්‌ මැද්දෙන් ගිහින් තමයි ගයාන්ව වැටිලා තියෙන්නේ. ඔය අතරේ කඩුවකුත් අරගෙන අශ්වයාගේ පිටේ යන දර්ශනයක්‌ රූගත කරන්න ගිහින් තවත් ඇබැද්දියක්‌ වෙලා. 

හරියට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්‌ තමයි ගයාන්ට වෙලා තියෙන්නේ. කඩුව අශ්වයාගේ ඇඟේ වැදිලා අශ්වයා කලබල වෙලා අන්තිමේ අශ්වයා දඟලන්න පටන් අරගෙන. අශ්වයා දඟලපු වේගෙට ගයාන් දාගෙන හිටපු බෙල්ට්‌ එකත් කැඩිලා ඔහුව බිමට වැටිලා කියලයි ආරංචිය. මේ වගේ බාධක රැසක්‌ මැද්දෙලු ගයාන් සිරිදළදාගමනයේ රූගත කිරීම් සිදු කරන්නේ.
 
Related Posts with Thumbnails