පූජාගේ
පියා පූජාට යළිත් රඟපෑමට අවසර දීලා...
සුරූපී නිළි පූජා උමාශංකර් මේ දිනවල ඉන්දියාවේ දී තැනෙන නවතම චිත්‍රපටයක රූගත කිරීම් සඳහා සහභාගි වෙනවා. මීට පෙර ඇය මාධ්‍ය වෙත පවසා තිබුණේ ‘කුස පබා’ චිත්‍රපටයෙන් පසුව සිනමා රංගනයෙන් ඉවත් වන බවයි.
නමුත් මවගේ ඉල්ලීමට අනුව පූජාගේ පියා පූජාට යළිත් රඟපෑමට අවසර දී තිබෙනවා. මේ වනවිටත් පූජාට ඉන්දීය මලයාලම් සහ කණ්ණඩ චිත්‍රපට දෙකකට ඇරියුම් ලැබී තිබෙනවා.
ඇය මේ දිනවල රූගත කෙරෙන දෙමළ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. එලෙස ම ලංකාවේ දී තැනෙන නවතම චිත්‍රපට කිහිපයකටත් ඇයට ආරාධනා ලැබී තිබුණ ද තවමත් ඇය ඒ සඳහා තම ප්‍රතිචාර දක්වා නැහැ.
කෙසේ නමුත් පූජා රඟපෑමෙන් නම් තවමත් සමුගෙන නැහැ. මේ ආරංචිය ඇයගේ රඟපෑම්වලට ආදරය දක්වන රසික රසිකාවියන්ට සුභාරංචියක් වේවි.