Ads 468x60px

.

දුව සමග එකට සිටින නිරුවත් දර්ශන ප්‍රසිද්ධ නොකර විනාශ කිරීමට නම් ලක්‍ෂ පහක්‌ ඕනෑ...

පාසල් වෑන් රථ රියෑදුරකු සමග ඇය එකට සිටින නිරුවත් දර්ශන වීඩියෝ කරලා...

ශිෂ්‍යාවගේ දෙමාපියන්ට දුරකථනයෙන් තර්ජනය කරලා...

පාසල් ශිෂ්‍යාවක හා සම්බන්ධතා පවත්වා ඇති පාසල් වෑන් රථ රියෑදුරකු සමග ඇය එකට සිටින නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝ පටයක්‌ තමන් සතුව ඇතැයි පවසමින් එම වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ නොකර විනාශ කිරීමට නම් රුපියල් ලක්‍ෂ පහක මුදලක්‌ අවශ්‍ය බව ශිෂ්‍යාවගේ දෙමාපියන්ට දුරකථනයෙන් තර්ජනය කර කප්පම් ඉල්ලූ තරුණයන් දෙදෙනකු රාගම පොලිසිය මගින් අත්අඩංගුවට අරගෙන තියෙනවා.


රාගම පොලිසියේ ස්‌ථානාධිපතිට ලැබුණ පැමිණිල්ලක්‌ මත කප්පම් ඉල්ලා තර්ජනය කර ඇති සැකකාර තරුණයන් භාවිත කළ දුරකථන අංකයන් ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වා එම නිරුවත් දර්ශන සහිත ලැප්ටොප් පරිගණකයක්‌ සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට
අරගෙන තියෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 20 සහ 21 වයසේ පසුවන තාවකාලික පදනමක්‌ මත ගුරුවෘත්තියේ නියෑළී සිටින තරුණයන් දෙදෙනකු බව පොලිසිය පවස
නවා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
Related Posts with Thumbnails